ඔන්න යාලුවනේ මේක තමයි මගෙ දෙවෙනි සබ් එක. ඉතින් මගෙ මුල්ම සබ් එක තමයි DragonBall Evolution (2009). මේ ෆිල්ම් එක බලපු නැති අයට බාගෙන බලන්න කියල කියනව. මේ ෆිල්ම් එකත් ගොඩක් හොද ෆිල්ම් එකක්. මේක චීනයේ නිෂ්පාදනය කරපු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක වූන් ස්වී ඔඈන්ගේ “The Four” (ද ෆෝර්) නවකතාව ඇසුරින් තමයි නිෂ්පාදනය කරල තියෙන්නෙ. මේ සබ් එකෙන් bisecopelk වෙබ් අඩවියේ එකතූන් වල තියෙන The Four ෆිල්ම් සෙට් එක සම්පූර්ණ වෙන බව සතුටින් කියනව.
The Four සහ The Four 2 බලපු අයත් ඇති නොබලපු අයත් ඇති. මේ ෆිල්ම් එක තමයි The Four ෆිල්ම් සෙට් එකේ අන්තිම ෆිල්ම් එක. එහෙමත් නැත්තන් The Four 3 එක. The Four 2 බලපු අය දන්නව ඒ ෆිල්ම් එකේ අවසානයක් නැහැ කියල. මොකද ඒ ෆිල්ම් එක (The Four 2) ඉවර වෙන තැන ඉදල තමයි මේ ෆිල්ම් එක (The Four 3) පටන් ගන්නෙ.
හොදයි. මම දැන් ඕගොල්ලන්ට මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්කෝ. මේ ෆිල්ම් එක ACTION / FANTASY වර්ගයට තමයි අයිති වෙන්නෙ. මේ ෆිල්ම් එක රිලීස්වෙලා තියෙන්නෙ 2014 අගෝස්තු 22. මේ ෆිල්ම් එක IMDB 5.6ක අගයක් අරන් තියෙනවා. The Four, Painted Skin, 2000AD, Thunderbolt සහ Jet Li රඟපාන Fist Of Legend ෆිල්ම් අධ්‍යක්ශනය කරපු Gordon chan සහ The Four, Poker King, Option Zero, Bullet In The Head කියන ෆිල්ම් අධ්‍යක්ශනය කරපු Janet Chun එකතු වෙලා තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ශනය කරලා තියෙන්නේ. The Four ෆිල්ම් එක අධ්‍යක්ශනය කරල තියෙන්නෙත් මේ දෙන්නම තමයි. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලු නිලියන්ගෙ නම් තමයි පහල දාල තියෙන්නෙ.
Deng Chao … දාමරික
Liu Yifei … අචින්තා
Ronald Cheng … ඝාතක
Collin Chou … යකඩ හස්ථ
Anthony Wong Chau Sang … ෂූ ෂිංගෝ
ඉතින් මම නම් කියන්නෙම ඕගොල්ලන්ට මේ ෆිල්ම් එක බාගෙන බලන්න කියල තමයි. එහෙනම් ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. මෙතනින් මම මේ ලිපිය නවත්තනවා. හැමෝටම සුභ දවසක්. ස්තූතියි.
Due to copyright issues, we do not provide any torrent links.
The.Four.3.2014.720p.BRRip.x264.Chinese.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
20 downloads