කොහොමද හිතවතුනි ..ඔන්න එහෙමනම් මම මේ පාර අරන් එන්නේ අග්‍රගන්‍ය සිනමාපටයක්. JACKIE තිරගත වීම ආරම්භ කරන්නේ 2016 දෙසැම්බර් 2 වැනිදා. මේ වන විට IMDB දර්ශකයේ 7.1ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 89%ක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා.මේ සිනමාපටය DRAMA / BIOGRAPHY යන වර්ගීකරණවලට අයත්.එමෙන්ම මෙම සිනමාපටය සම්මාන උළෙල 31ක් සදහා නිර්දේෂ වන්නටත් ඒ අතුරින් 6ක් දිනාගන්නටත් සමත්ව තිබෙනවා.
සිනමාපටය තිර රචනය NOAH OPPENHEIM අතිනුත් අධ්‍යක්ෂණය PABLO LARRIN අතිනුත් සිද්ද වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිත ලෙස Natalie portman- ජැකී ලෙසත් Caspaer Phillipson – ජෝන් එෆ් කෙනඩි ලෙසත් Peter Saarsgad – රොබට් එෆ් කෙනඩි ලෙස,BILLY Crudup-වාර්තාකරුවෙක් ලෙසත් රංගනයෙන් දායකත්වය සපයනවා.
ජැකී..ජැකී හෙවත් jacquline kennedy Onassis කියන්නේ ඇමරිකාවේ 35වන ජනාධිපතිවරයා එනම් JOHN FITZGERALD ‘’Jack’’ Kennedy( JFK)ගේ ආදරණිය බිරිද.1963 නොවැම්බර් 22වන දින කෙනඩි ජනපතිවරයාව ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හිදී LEE HARVY OSWALD නමැත්තාගේ වෙඩි පහරින් ඝාතනය වීමෙන් පසුව සිය සැමියාගේ වියෝවේ දුකත් සමග,ඔහුගේ උරුමය වෙනුවෙන් ජැකී කරන අරගලයේ කතාවයි මේ.
සිය සැමියා තම උකුල උඩම හිසට වැදුණු උණ්ඩයකින් මරු තුරුළට ගිය මොහොතක ඒ සියලු ශෝකයන් පසෙකලා සිය සැමියාගේ නාමය මතු පරම්පරා ගණනකට අමතක නොවෙන ලෙස යමක් කිරීමටයි ජැකීගේ උත්සාහය. රහස් සේවය, වර්තමාන ජනපතිවරයා වන ලින්ඩන් ඇතුළු සැවොම ඊට සිය අකමැත්ත ප්‍රකාශ කරද්දී වුව ඇය නොසැලී සිය අභිමතයේම රැදෙනවා. ඒ අනුව ඇය සිය සැමියාගේ අවමගුල් උත්සවය සිදු කිරීමට තීරණය කරන්නේ ඒබ්‍රහම් ලින්කන් ජනපතිවරයාගේ අවමගුල් උත්සවය සිදු කළ ආකාරයටයි. කියුබානු මිසයිල අර්බුදය විසදීම හැර වෙනත් කිසිදු කර්තව්‍යයකට දායකව නොසිටි JFK ඉතාමත් කෙටි කලක් තුළ ජනතාවගේ මතකයෙන් ගිලිහි යාම වැලැක්වීමයි ඇයට අවශ්‍ය වෙන්නේ.
ඒ අනුව මතුව ඇති සියලු තර්ජන හමුවේ ඇය සම්භාවනීය අමුත්තන් 103දෙනෙකුද සමගින් තම සැමියාගේ අවමගුල් පෙරහැරේ ගමන් කරන්නේ එය මුළු මහත් ලෝකයටම අමතක නොවන දිනයක් ලෙස ඉතිහාසයේ සනිටුහන් කරමිනි.
මෙම සිනමාපටය නිර්මාණය කොට ඇත්තේ මේ සිදුවීම ජැකීගේ දෘෂ්ටීකෝණයෙන් ලොවට පෙන්වීමටයි.මෙමගින් ඇයගේ මානසික හැගීම්,භාවමය තත්වය මැනෙවින් ඉස්මතු කිරීමට සමත්ව තිබෙනවා.ඇය සිය සැමියාගේ උරුමය ආරක්ෂා කලේ කෙසේදැයි බැලීමට ඔබ සැමට ආරාධනා කරනවා…. මේ ඇගේ කතාවයි.
ප.ලි – උපසිරසි ලබාදී ඇත්තේ DVDSCR පිටපතකට බැව් කරුණාවෙන් සලකන්න. හැබැයි හොද ගුණාත්මක තත්වෙන් තියෙනවා. එහෙම බලන්න අකමැති අය එහෙම ඉන්නවනම් හොද පිටපත් එනකම් ඉවසන් ඉන්න එක තමා හොද.
පහත පිටපත් සදහා උපසිරසි ලබා දී ඇත.
Jackie.2016.DVDScr.XVID.AC3.HQ.Hive.CM8
Jackie.2016.DVDSCR.550MB.ShAaNiG
Jackie.2016.DVDSCR.XVID.MP3-ViZNU
Jackie.2016.DVDSCR.650MB.MkvCage
Jackie.2016.DVDScr.AC3.x265-ILoVeScEnE
Jackie.2016.DvDScr.550.MB-iExTV
Jackie.2016.DVDSCR.600MB-NBY
Jackie.2016.DVDScr.AC3.Plex-PapaFatHead
Jackie.2016.DVDSCR.HQ.Hive.550MB-SHERiF
Jackie.2016.DVDScr.450MB.Ganool.is
Due to copyright issues, we do not provide any torrent links.
Jackie.2016.DVDScr.XVID.AC3.HQ.Hive.CM8
Jackie.2016.DVDSCR.550MB.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
22 downloads