එහෙමනම් සුභ දවසක්, ඇත්තටම මම භාරගත්ත කතා මාලාවක් වත් මම කරන්න හිතන උන්න කතා මාලාවක් වත් නෙමේ මේක. මේක ඇත්තටම චමල් ලක්ප්‍රිය එහෙමත් නැතිනම් (හෝ…)( ඕනේ නැ ඒ නම ) මලයා කරන්න උදව්වක් දෙන්න පුලුවන්ද කියලා අහපු නිසා හා කියලා බාරගත්ත එකක්. බයිස්කෝප් කියන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට පවුලක් වගේ. ගොඩක් නෙමේ හැම වෙලාවටම වගේ. ඉතින් කෙනෙක්ට කරන්න ආමාරු වෙලාවට තව කාට හරි කීවහම පොඩි උදව්වක් කරන්න මේ සබ එක කරන්න පුලුවන්ද කියලා අහපුවහම බැ කියන අය නැති තරම්..
ඉතින් දැන් නම් මේක විකාශය දවස් 12ක් වෙනවා දවස් තුනකට කලින් භාරගත්තත් වැඩ කටයුතු වලට වඩා අසනීපයකින් පෙළුන හින්දා කරගන්න ටිකක් අමාරු උනා. 13 වෙනි කොටස වගේම 14 වෙනි කොටසත් දැන් විකාශය වෙලා ඉවරයි දවසක් දෙකක් ඇතුලත චමල් ඒ කොටස අරගෙන ඒවි. 15 ආව ගමන් දෙන්න බැරි උනත් ඒ කොටසත් ඉක්මනට එනවා කියන පොරොන්දු වෙන්න පුළුවන්. ඇත්තටම මේ කතා කීවාට ඇයි මේක ටිකක් පරක්කු උනේ කියනවනම් මේ කතාව කලේ රවිදු සහෝ මේ දවස් වල විභාගයකට මුහුණ දෙන නිසා කරගන්න අමාරු තත්වයක් ඇති වෙලා නිසයි එහෙම පරක්කු වුනේ
ලිපිය ලියන්න කලින් බයිස්කෝප් එකේ 12 වෙනින් කොටසේ කමෙන්ට් කියවන්න ගියා… 12 වෙනි කොටස ගැන කියනවාට වඩා එකේ තිබුනේ 13 කෝ , 14 ත් ආවා කියන එක තමයි. සමහර විට මේක අරගෙන ගෙන යන අය හිතනවාද දන්නේ නැහැනේ මේකට අපි මොකටද කමෙන්ට් එකක් දාන්නේ මේ අයට මේක කලහම ගානක් ලැබෙනවනේ කියලා. හැබැයි ඉතින් ඇත්තම කතාව ඒහෙම කාටවත් මොනවත් මේ සබ් කළා කියලා ලැබෙන්නේ නැ, ඔයාලගෙන් ලැබෙන කමෙන්ට් එක ඇරෙන්න. සබ නෑ කියලා කමෙන්ට් දාන වෙලාවේ සබ ගන්නකොටත් වචනයක් දෙකක් කියලා යන එක සබ කරන කෙනාට පට්ට විදිහට වටිනවා..
හ්ම්ම්ම් පරක්කු වෙලා තියන වෙලාවේ තවත් විකාර කියවනවා පිස්සුද මන්දා. ගොඩක් අය දැන් බලලා ඉවරද දන්නෙත් නැ.. කතාවේ අද කොටසෙන් වොලර් ට ෂෙපර්ඩ් කොහොමද ඉස්සර මුණ ගැහුනේ කියන එක ගැන ගොඩක් කතා කරනවා ඒ වගේම ජෙනිසස් එක ගැන එකේ එක විනාශයක් නවත්වන්න වගේම රෝමන් තාම හිරේ ඉන්න ගමන් පොඩි පොඩි දේවල් මතක් කරනවා, මගේ පුද්ගලික මතය නම් රෝමන් බොරුවක් කරනවා කියලා තමා හිතෙන්නේ. එකත් සේපර්ඩ් ගේ සැලැස්මේ කොටසක් ද කියලා කියන්නත් බැ. ඉස්සරහට ඒවා බලාගන්න පුළුවන් වේවි , එහෙමනම් මේ කොටස එක්ක එකතු වෙලාම බලන්න.
ඉක්මනටම මුණ ගැහෙමු තවත් උප සිරසියකින් ගිහින් එන්නම්.
ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10 downloads
<< Previous Episode All Episodes Next Episode >>