Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Gold (2016) with Sinhala Subtitles |රත්තරන් සොයා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

GOLD 2016

හායි කස්ටිය.. කොහොමෙයි ඉතින්. ඔන්න එහෙනම් සචියා නැවතත් කරලියට පැමිණෙන්නයි මේ සූදානම. කොටින්ම කිව්වොත් ඉතින් මේ තමයි මම මේ අවුරුද්දෙ ෆිලුමකට කරන පලවෙනි උපසිරසිය. ඉතින් මේකට සබ් එක කරෙත් සෑහෙන්න අමාරුවෙන්. මොකද විභාග වැඩ නිසා වෙලාවක් හොයාගන්න එක පිදුරු ගොඩෙන් ඉදිකට්ටක් හොයාගන්නව වගේ වැඩක්. ඒ වගේම කියන්න ඕන මම කරන්න හිටපු තවත් ෆිලුමක් වෙලාව නැති නිසා වෙනස් සහෝදරයෙක්ට කරන්න බාර දෙන්න වුණා…ඒකත් ඔයාලට ලගදිම හම්බවේවි. හරි ඉතින් මගේ බයිල ඇති. යමුකො එහෙනම් කතාව ගැන කියන්න…

ඉතින් 2017 ජනවාරි 27 වෙනිද ඇමරිකාව ඇතුලු ලොව පුරා විකාශය වෙන්න පටන්ගත්ත මේ සුපිරි ෆිලුම අධ්‍යක්ශණ්‍ය කරල තියෙන්නෙ Syriana (2005) ,Havoc (2005) වගේ සුපිරි චිත්‍රපටි රැසක්ම අධ්‍යක්ශණ්‍ය කරල තියන  Stephen Gaghan. ඉතින් මේ ෆිලුම දැනට ලබාගෙන තියන ආදයම අමරිකානු ඩොලර් මිලියන 7.1ක්. ඒ වගේම ඉතින් කියන්න ඕන මේකෙ ප්‍රධනාම චරිතය වන Kenny Wells කියන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Interstellar (2014), The Wolf of Wall Street (2013) වගේ සුපිරි චිත්‍රපටිවලට රංගනයෙන් දායක වුණ සුපිරි නලු Matthew McConaughey. ඒ වගේම ඉතින් මේකෙ තවත් ප්‍රධාන චරිතයක් ඉන්නව. ඒ තමයි Michael Acosta. Edgar Ramírez කියන කෙනා තමයි ඒ චරිතයට පණ පොවන්නෙ. ඒ වගේම ඉතින් ඔයාල කවුරුත් දන්නව ඇතිනෙ Jurassic World (2015) චිත්‍රපටියෙ ප්‍රධාන නිලිය විදිහට රංගනයෙන් දායක වුණ සුපිරි නිලි Bryce Dallas Howard. ඉතින් එයාම තමයි මේ චිත්‍රපටියෙත් කේ කියන ප්‍රධාන නිලියට රංගනයෙන් දායක වෙන්නෙ. ඔය විස්තර කිව්වට අමතක උනානෙ මේ ෆිලුම Adventure, Drama, Thriller ගණයට අයත් වෙනව වගේම IMDb අගය 6.5ක් තියනව කියල කියන්න. ඒ වගේම ඉතින් ඔයාලට MCU එකේ Ant-Man (2015) ෆිලුමෙ  Darren Cross කියන චරිත ක ඇතිනෙ. අන්න ඒ චරිතයට පණ පොවපු Corey Stoll කියන සුපිරි නලුවත් අපිට මේකෙ දි මුණ ගැහෙනව Brian Woolf විදිහට. දැන්නම් ඉතින් මේ විස්තර කියනකොට කස්ටියට මේ ෆිලුම අනිවාර්යෙන්ම බලන්න හිතිල ඇති….

ඉතින් කතා සාරාංශයට පොඩ්ඩක් ගිහින් බැලුවොත් මේකෙ ප්‍රධාන චරිතය වෙන කෙනී කියන්නෙ එයාට පරම්පරාවෙන් උරුම වෙච්ච පතල් කර්මාන්ත ආයතනයක අයිතිකාරයෙක්. කොටින්ම කිව්වොත් ගොඩක් උත්සාහවන්ත මනුස්සයෙක්. ඉතින් මෙයාට සල්ලි ප්‍රශ්න නිසා ගොඩක් බාධා තියනව දියුණු වෙන්න. අපි කාටත් බාධා තියනවනෙ ජීවිතේ ඉස්සරහට යනකොට. මේ අතරෙ මෙයාට මුණ ගැහෙනව දක්ශ භූ විද්‍යඥයෙක් වන Michael Acosta කියන කෙනාව. ඉතින් එයා පතල් සම්බන්ධව විශේෂ හැකියාවන් තියන කෙනෙක්. ඉතින් මේ දෙන්න හවුල්කාරයො විතරක් නෙවෙයි හොදම යාලුවො. ඉතින් මේ ජෝඩුව ඉන්දුනීසියාවෙ තවම සීමා මායිම්වත් ලකුණු නොකල භූමියක පතලක් හොයාගෙන යනව. ඉතින් අපේ භාශාවෙන් කිව්වොත් ඉන්දුනීසියාවෙදි මේ අය සෑහෙන්න කට්ටක් කනව මේ පතල හොයාගන්න. ඉතින් අවසානෙදි එයාලට මේ පතල හමුවෙනව. ඒ වගේම එයාල දියුණු වෙනව. ඒ වගේම කේ කියන්නෙ කෙනීගෙ පෙම්වතිය. ඒත් එකපාරටම එයාල දියුණු උනාට එයාලට ආපහු බාධාවන් එන්න පටන්ගන්නව මේ ව්‍යපාරයට. ඒත් ඉතින් එයාල මේ සෙල්ලම ලේසියෙන් අතහරියිද?????ඒත් ඉතින් මේ කතාවෙ හිතාගන්න බැරි අවසානයක් තමයි තියෙන්නෙ.සේරම කතාව කියන්න ගියොත් නිකන් හරි නෑ වගේ. එහෙනම් ඉතින් මේ සුපිරි ෆිලුම ඔයාලටම බලන්න කියල ආරාධනා කරනව.

ඒ වගේම කියන්න ඕන බ්ලූරේ කොපියක් ආවම ඒකටත් ඉක්මනටම සබ් එක අප්ඩේට් කරල දෙන්නම්. ඉතින් මගේ මේ උපසිරසියයි තව උපසිරසි දෙකකුයි ඉදිරියෙදි එන්න තියනව. ඒවයින් පස්සෙනම් ඉතින් මම පොඩ්ඩකට උපසිරසි නිර්මාණකරණයෙන් ඈත් වෙනව. වෙන හේතුවක් නිසා නෙවෙයි. මගේ විභාග වැඩ නිසා. ඒත් ඉතින් මම මේ ලිපියත් අවසන් කරන්නෙ වෙනද වගේම ‘තවත් උපසිරසියකින් හමුවෙමු’ කියල. එහෙනම් ඉතින් සියලුම දෙනාට ජයින් ජයම වේවා…..

සැ.යු – පහත් සදහන් පිටපත් සදහා උපසිරසි ගැලපේ.

Gold 2016 DVDScr XviD AAC New Source
Gold (2016) 700MB DVDScr x264 AAC – Downloadhub
Gold (2016) DVDSCR x264 – EVO
Gold.2016.DVDCR.750MB.MkvCage
Gold.2016.DVDSCR.650MB.ShAaNiG
Gold.2016.DVDScr.x264.AAC.700MB.Makintos13
Gold.2016.DVDScr.x264.AAC.HQ-NeilTanViR
Gold.2016.dvdscr.x264-NBY-[moviezplanet.org]
Gold.2016.DVDScr.XVID.AC3.HQ.Hive-CM8

෴ජය෴

 

Gold (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>