සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමදෙනාටම. මේක මගේ 17 වෙනි සබ් එක. මේ චිත්‍රපටිය මං මෙතෙක් බලපු සුපිරිම කොමඩි කතාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ආරම්භයේ සිට අවසානය දක්වාම ගොඩක් විනෝදෙන් නරඹන්න පුළුවන් එකක්. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටියක්. ඒ වගේම අපේ සබ් කරන සහෝලට මෙච්චර කාලෙකට අමතක වෙලා ගිය ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේක සබ් ලයින් 1700කට එහා තිබ්බ පට්ට අමාරැ සබ් එකක්. ඇත්තටම සාමාන්‍ය චිත්‍රපටයක් වගේ දෙගුණයක් මහන්සි වෙන්න උනා මේ සබ් එක හදන්න.
මෙය තිරගත වී තිබෙන්නෙ 1998 වර්ෂයේදි. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Bobby Farrelly සහ Peter Farrelly යන සහෝදරයන් දෙදෙනෙක්. මෙයට රංගනයෙන් දායක වී තිබෙන්නෙ Cameron Diaz , Matt Dillon, Ben Stiller , Lee Evans, Chris Elliot යන නළු නිළියන්. මෙම චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 370ක ඉහල බොක්ස් ඔෆිස් ආදායමක් උපදවමින් 1998 වර්ෂයේ 4 වෙනියට වැඩිම ආදායම ඉපැයු චිත්‍රපටය බවට පත්ව තිබෙනවා. ඉතින් මේ චිත්‍රපටයට ලැබුන ජනප්‍රියතාව ගැන ආයි අමුතුවෙන් කතාකරන්න අවශ්‍ය නෑ. එමෙන්ම මෙම චිත්‍රපටය 7.1 ක් වැනි ඉහල IMDB අගයක්ද ලබා තිබෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටය සම්මාන 17කින් වර්ණ ගැන්වී තිබෙනවා. තවද විවිධාකාර සඟරා සහ වෙඩ් අඩවි මගින් මෙය නිරතුරැවම එදා මෙදා තුර බිහිවුන හොඳම කොමඩි චිත්‍රපටයක් ලෙස නම් කරන්නක්. එමෙන්ම මෙම චිත්‍රපටය R කාණ්ඩයට අයිති එකක්. මේ චිත්‍රපටයේ භාවිතා වෙන භාෂාව නිසා තමා මෙය R කාණ්ඩයට අයත් ෆිල්ම් එකක් ලෙස වර්ග කර තිබෙන්නෙ.
මං මේකේ කතාව ගැන නම් එච්චර ලොකු විස්තරයක් කරන්න කැමති නෑ. මොකද මේ චිත්‍රපටිය කොමඩි චිත්‍රපටයක්. ඒ නිසා කිසිම දෙයක් නොදැන මෙය නරඹන එක තමා වඩා හොඳ. එතකොට තමා මේ චිත්‍රපටයේ හාස්‍ය රසය උපරිමේටම අරගන්න පුළුවන්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වෙන්නෙ මේරි නැමැති තරැණියක් (Cameron Diaz). ඇය වටා ගෙතුන හාස්‍යයෙන් පිරැණු ආදර කතාවක් තමා මෙහි අන්තර්ගත වෙන්නෙ. ඉතිං ඔයාලම මෙය නරඹා හොඳ නරක තීරණය කරන්න. ඇත්තටම මේ වගේ පට්ට කොමඩි කතා ලේසියෙන් හොයාගන්න ලැබෙන්නෙ නෑ. ඒ හින්දා කොමඩි චිත්‍රපටවලට කැමති හැමෝම මේක අනිවාර්යෙන්ම නරඹන්න. එහෙනම් මේ චිත්‍රපටය නරඹලා හොඳට විනෝද වෙන්න කියන ආරාධනාවත් සමග තවත් චිත්‍රපටයකට ඉක්මනින්ම සබ් එකක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මං දැනට සමුගන්නවා.
ඔබ සැමට ජයෙන් ජය පතමි !
Due to copyright issues, we do not provide any torrent links.
Theres.Something.About.Mary.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
144 downloads