Image may be NSFW.
Clik here to view.
මගේ අම්මා කියන කතාවක් තමයි, කිසිම ව්‍යාපාරයක් පොඩි නැහැ. ඒ වගේම වෙළඳාමට වඩා උසස් කිසිම ධර්මයකුත් නැහැ කියලා. හැබැයි, ඒකෙන් කිසිම කෙනෙක්ට අයහපතක් නොවෙනවානම් පමණයි. පොඩි කාලේ ඉඳන්ම මං දැක්කේ, ජීවත් වෙන්න අම්මා විඳින නොවිඳිනා දුක විතරයි. මට හොඳට මතකයි, මගේ ඇස් පෙනීම දුර්වල නිසා, මට කන්නාඩි දෙකක් අරගෙන දෙන්න වත්කමක් නැතිව අම්මා ලතැවුනු හැටි. මං ජීවත්වෙන සමාජ වාතාවරණයත් එක්කමද මන්දා, මේ හේතු නිසා මට ඕනේ වුනේ, අපි මේ වැටිලා ඉන්න නරා වලෙන් ගොඩ එන්න විදියක්. ඒ නිසාම තමයි, මං පොඩි කාලෙදිම ව්‍යාපාර වලට අතගැහුවේ.
මත්පැන් ව්‍යාපාරය…මදි නොකියන්න හොඳට හම්බකරන්න පුළුවන් ව්‍යාපාරයක්. නමුත්, කරදර බාධන නම් අනන්ත අප්‍රමාණයි. නමුත්, පෙර වාසනාවකටද මන්දා…වෙළෙන්දෙකුට තියෙන්න ඕනේ කපටිකමයි, ඇඟ ඇතුලෙන්ම ආපු ධෛර්යයි…මේ දෙකම මං ළඟ තියෙනවා. මේ නිසාම, මේතාක් කාලයක් පුරාවට ගුජරාටය හොල්ලගෙන හිටපු කෙරුම්කරයෝ ටික පහලට ඇදලා දාලා, මගේ අණසක මුළු ගුජරාටය පුරාවටම පතුරුවා හරින්න මට වැඩි කාලයක් ගියේ නැහැ. මට අභියෝග කරන්න තරම් ජගතෙක් මිහිපිට නැහැයි කියලයි මං හිතාගෙන හිටියෙ. නමුත්, නොසිතූ විරූ මොහොතක, කුණාටුවක් වගේ අභියෝගක් හමා ආවා.
ජීවත් වෙන්න එක එක අය, එක එක විදියේ දේවල් කරනවා. ඒ හැමෝම කරන්නෙ රස්සාවක්. ඒ වගේම, මත්පැන් ව්‍යාපාරය තමයි මගේ රස්සාව වෙන්නේ. හදිසියේ හමාගෙන ආපු මේ ප්‍රචණ්ඩ කුණාටුව නිසා, මගේ ව්‍යාපාර පොඩ්ඩක් හෙලවිලා ගියා. මේ අභියෝගය මට කියනවා, “ඔයා ඔය ව්‍යාපාරයක් කියලා කරගෙන යන දේට අපි කියන්නෙ අපරාධයක් කියාලා. වහාම ඕක නවත්වලා දානවා හොඳයි, නැත්නම් මං උඹට හුස්ම ගන්න අමාරු කරවනවා” කියලා. ඒ අභියෝගයට, මං දුන්න උත්තරය තමයි ” ගුජරාටයේ වා තලය පුරාම මේ ව්‍යාපාරය පැතිරිලා තියෙනවා. ඔයාට මගේ හුස්ම නවත්වන්න පුළුවන් වේවි, ඒත් මේ වා තලය නවත්වන්නේ කොහොමද මහත්තයෝ?” කියලා. ව්‍යාපාරිකයෙකු සතු ව්‍යක්ත බාවය, රණශූරයෙක් මෙන් නොසැලෙන බාවය සහිත ගුජරාටයේ රජු විදියට මිනිස්සුන්ගෙන් වැඳුම් පිඳුම් ලබපු මාව පහලට ඇදලා දාන්න, කොහේවත් යන පොලිස් කාරයෙක්ට මම ඉඩ දේවිද? එහෙනම් හැමෝටම වැරදිලා…ඔය කවුරු කවුරුත් හිතාගෙන ඉන්නවට වඩා වෙනස්ම ආරක කෙනෙක් තමයි මම. මට අභියෝගයක් වෙන අයට උරුම එකම එක ඉරණමක් විතරයි. ඒ තමයි…
ශාරුක් ඛාන්…දශක ගණනාවක් මුළුල්ලෙහි සුවහසක් ප්‍රේක්ෂක ජනී ජනයාගේ හදවත් අමන්දානන්දයට පත්කරමින් එදා මෙදා තුර බොලිවුඩ් ඉතිහාසයේ නළුවෙකු හට ලඟා විය හැකි ඉහලම සාර්ථකත්වයට ලඟා වී, වර්තමාන බොලිවුඩයේ හිනිපෙත්තේම රජයන, බොලිවුඩයේ ‘කිං ඛාන්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නා වූද, ඉන්දීය ජනයා දේවත්වයෙන් සළකන මෙම බොලිවුඩ් රජුගේ නවතම චිත්‍රපටය, 2017 වර්ෂයේ ජනවාරි මස 26 වෙනි දින සිට ලොව වටා ප්‍රදර්ශණය ආරම්භ වූවා. Action සහ Thriller යන කාණ්ඩ යටතේ, Gauri Khan, Ritesh Sidhwani සහ Farhan Akhtar ගේ නිෂ්පාදන දායකත්වයෙන් සහ Rahul Dholakia ගේ අධ්‍යක්ෂණය යටතේ, Red Chillies Entertainment සහ Excel Entertainment යන ආයතනයන්හි බෙදා හැරීමේ අයිතිය මත දිවයන මෙම අනගි සිතුවම, මේ වන විට විසි හය දහස ඉක්මවූ ප්‍රේක්ෂක මනාපයකින් Imdb දර්ශකයේ 7.3 ක් වැනි ඉහල අගයකිනුත්, ඉන්දියානු රුපියල් බිලියන 2.72 ක අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකිනුත් සවිබල ගැන්වී හමාර වන අතර, චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත සඳහා Mahira Khan සහ Nawazuddin Siddiqui සිය රංගන ප්‍රතිභාවෙන් මෙම සලරුව තව තවත් ඔපමට්ටම් කරනු ලබනවා. එමෙන්ම විශේෂිත කරුණ වන්නෙ, බොලිවුඩයේ ‘Barbie Dol’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන, Sunny Leone ගේ එක සිහිනයක් සැබෑ කරමින්, චිත්‍රපටයේ එක් විශේෂ ගීතයක් සඳහා, සුවහසක් ජනී ජනයා උන්මාදයෙන් මුකුළිත කළ, ඇයගේ අයස්කාන්ත නර්ථන හැකියාව විදහා පානු ඇත.
දුක, සතුට, ආදරය, විරහව, ක්‍රෝධය, ද්වේශය ආදී දහසක් වූ හැඟීම් සමුදායක් අතරේ, පුරා හෝරා දෙක හමාරක් තුරාවට සැරීමට සියළුම බයිස්කෝප් රසික රසිකාවියන් හට කෙරෙන්නාවූ සුහද ආරාධනාවත් සමගින්, බොලිවුඩයේ කිං ඛාන්ගේ නවතම වික්‍රමය රැගත් මෙම සලරුව සෙනෙහෙ සිතින් ඔබ හමුවේ ගෙනහැර පෑමට, අවසරයි එසේනම් සියළුම සහෘදයන්ගෙන්…
ස්තූති කතාව.
ඔක්කොටම කලිං මයුරට ස්තුති කරනවා, සබ් එකේ බාගයක්ම කලාට. මේක පොරගෙ ටයිප් ෆිල්ම් එකක් නෙවි උනත් කරමු කිව් ගමන් බෑ නොකියා ගේමට බැස්සා. ඔක්කොටම වඩා මට ඕන උනේ මයුර එක්ක සබක් කරන්නයි. ඒත් මම මයුරට කිව්වේ වෙන කතාවක්. ඊට පස්සෙ තමයි ඩෑල් එක කරලියට එන්නේ.
සිසිල ප්‍රසාද්. එච් ඩී කොපිය ආපු ගමන් සිසිල ප්‍රසාද් සහෝ තමයි මට කිව්වේ. ඒ වෙද්දි ඉංග්‍රීසි සබක් තිබ්බේ නෑ. ඒ නිසා මම ආපු පර්සියන් සබ් එකට දෙයියනේ කියලා අහගෙන කරගෙන ගියා. ඇත්තම කියනවනම් අමාරුම වැඩේ කලේ සිසිල. පර්සියන් සබ් එකේ බාගයක් විතර අහගෙන කරගෙන යද්දි ඉංග් සබ් එක ආවා. පර්සියන් සබ් එකෙයි ඉංග්‍රිසි සබ් එකෙයි ටයිම් ලයින්, දෙබස් බෙදපු හැටි එහෙම ගොඩක් වෙනස්. ඉතිං පැහැදිලිවම මම නාගෙන හිටියේ පර්සියන් සබ් එකේ කරපු ටික ඉංග්‍රිසි සබ් එකට දාන්න ගිහින්. සබ් කිරිල්ල එපා වුනා. ඉතිං බෑයි නොකියා කියු ගමන් සිසිල සහෝ තමයි මහ රෑ ගේම ගහලා දුන්නේ මම සැපට රෑ නිදා ගනිද්දි.
එව්වා ඔක්කොටම කලිං ලෝගන්නයියා (අසංක) හෙන යුද්දයක් කලා මට ඉංග් සබ් එක හොයලා දෙන්න. බොහොම පිං වුන මහන්සියට අසංකයියේ. අන්තිමේදි ඉතිං හැමදාම බැකප් එකට ඉන්න හසායියා තමා මට හරිම ඉංග්‍රිසි සබ් එක අරන් දීලා පිහිට වුනේ.
පැහැදිලිවම මේක බයිස්කෝප් එකේ කණ්ඩායම් ක්‍රියාවක්. වැඩ අධික වෙලාවක, ඉන්ටර්නෙට් කපපු වෙලාවක ආපු මේ සබ් එක අර උඩගොල්ලො නොහිටින්න සතියකිංවත් දෙන්න හම්බෙන්නෙ නෑ. ඔන්න ඔයවිදියටයි මේ සබ් එක ඔයාලා අතට එන්නේ. දැක්කනේ. ලේසි නෑ. අන්න දැක්කනේ, කාටවත් ඒ ගැන ගානකුත් නෑ. ගිහිං එන්නම්.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.cx-Raees-2017-Hindi-HDRip-x264-750MB