Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Originals [S04 : E06] with Sinhala Subtitles |සාදය.. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Originals S3P2

සතියක නිවාඩුවකට පස්සෙයි නැවතත් ඔරිජිනල් කොටසින් හමුවෙන්නේ. පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉම්මු. මාසෙල් හා ක්ලවුස් හොලොව්ගේ ලෝකයට හා ජීවමාන ලෝකයට ආධාරකයක් විදිහට මැදි වුනු වෙලාවේදී මේ දෙන්නා කොහොම හරි හොලොව් දිහා බලලා වැඩ වරද්දගෙන. මේ දෙන්නටත් මේක ආසාදනය වෙලා. මේ දෙන්නාගේ පරම හතුරෝ දෙන්නා මවා පෑමක් කරලා හොලොව් කියන ආත්මය හදන්නේ මේ දෙන්නට දෙන්නා කොටවලා එකාට එකා මරාගෙන මේ දෙන්නාගේ අසමසම බලයෙන් පෝෂණය වෙන්නයි. ක්ලවුස්ට මවා පෑම වුනේ ක්ලවුස්ගේ තාත්තා මයිකල්ව. මාසෙල්ට මවාපෑම සිද්දවුනේ එලයිජාව. මේ අතරේ ෆ්‍රේයා කීලින් එක්ක මාසෙල්ගේ ගෙදරට රිංගලා ගත්ත මාසෙල්ගේ විෂ කුප්පියෙන් ආයුධයක් හදලා මාසෙල්ව මරන්න පුලුවන් විදිහේ. මේකත් ක්ලවුස්ට දීලා තමයි ෆ්‍රේයා යවන්නේ එයාව හොද කරන්න හදද්දී. කොහොම කොහොමින් හරි ෆ්‍රේයා මේ හොලොව් කියන ආත්මය එලවලා දානවා. ඒත් මාසෙල්ව හිර කරලා දානවා මාසෙල් ක්ලවුස්ව හිර කරලා දාපු. මං දන්නේ නෑ මේක මට විතරක් දැනිච්ච දෙයක්ද කියලා. ඒත් ෆ්‍රේයා අර ආත්මය එලවලා දාද්දි හැමෝම වගේ අහක බලාගත්තා ඒ දිහා බලා ඉන්න බැරි නිසා. ඒත් එලයිජා විතරක් අහක නොබලා හිටියා, තව මාසෙල් හා එලයිජා අතර තිබ්බ අන්තිම කතාබහ එක්ක බලද්දී එලයිජාගේ අමුත්තක් තිබුනා. මට විතරද හිතෙන්නේ එලයිජාට මොකක් හරි බලපෑමක් වෙලා කියලා?. 

අද ඔයාලට බලාගන්න පුළුවන් ලොකු සාදයක් නිව් ඔර්ලින්ස්වල තියන්න හදන. මයිකල්සන්ලා තමයි මේක තියන්නේ. මාසෙල්ව නම් තාමත් හිර කරලා. හොලොව් ඒකෙ අනුගාමිකයෝ හැම තැනම ලොකු ලොකු දේවල් සැලසුම් කරනවා. තවත් කියනවනම් හෙයිලි එයාගේ අම්මවයි තාත්තාවයි මරලා දාපු තැනට ගිහින් දේවල් වගයක් හොයාගන්න උත්සහ දරනවා. ඒ මොනවා වෙයිද?  මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ. අද එපියත් පිස්සුම හැදෙන සුපිරියක් තමයි..

ඩේටාත් නැති අස්සේ තමයි සබ කරලා ෆෝන් එකෙන් හොට්ස්පෝට් දාලා ලිපිය ලියලා මේක වීඩියෝ පිටපත ආපු දවසම එවන්නේ. උපසිරැසිය ඇවිත් තිබ්බේ හවස හතරත් පහුවෙලා. ඉවර කලේ නවයයි තිහට වගේ. ඒ එවලත් හුගක් අයට වගක්වත් නෑ. මං යනවා යන්න.

සුභ සතිඅන්තයක් වේවා!

 The Originals (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>