මලයාලම්,බයිස්කෝප් අඩවියේ නැගී එන චිත්‍රපට භාෂාව කිව්වොත් මම හිතන්නේ ඒකෙ වැරැද්දක් නෑ .මොකද දැන් ඉස්සරට වඩා මලයාලම් චිත්‍රපටවල උපසිරැසි බාගත කරන අයත්,ඒවට කමෙන්ට් කරන අයත් සැලකිය යුතුලෙස වැඩිවෙලා තියෙනවා.ඒ වගේම මලයාලම් ෆිලුම් වලට ලැබෙන කමෙන්ට් වලින් බයිස්කෝප් රසිකයින් මලයාලම් ෆිලුම් වලට දක්වන කැමැත්ත හොඳින් පිළිඹිබු වෙනවා.ඒ වගේම අලුත් මලයාලම් ෆිලුමක් ආවාම ඒකට උපසිරැසියක් එනකල් බලාගෙන ඉන්න අය බිහිවෙලා තියෙනවා.තමන් බලන්නේ මලයාලම් ෆිලුමක් කියලා දැනගෙන බලපු කෙනෙක් කොහොමටවත් ආයේ මලයාලම් ෆිලුම් බලන එක අත අරින්නේ නෑ .මොකද ඒවටම ආවේණික වුනු කතා ශෛලය ඉන්දියාවේ වෙනත් කිසිම ෆිලුමක අපිට දැකගන්න වෙන්නේ නෑ .ඉතින් මේ විදියේ ඔයාලා ආසාවෙන් බලන මලයාලම් ෆිලුම් ගැන නිතර චිත්‍රපට බලන අයටත් හඳුන්වලා දීලා,බයිස්කෝප් මලයාලම් රසිකත්වය වැඩි කරන්න එක් වෙන්න කියලා ආරාධනා කරනවා! මොකද ඒ විදියට රසිකත්වය වැඩි වුනාම චිත්‍රපටයක උපසිරැසි ඉක්මනින්ම ලබාගන්න පුළුවන් වෙයි වගේම මග ඇරුණු,ඔයාලා බලන්න කැමති මලයාලම් චිත්‍රපටවල උපසිරැසි හැම එකක්ම පාහේ ඔයාලට ලබා ගන්නත් පුළුවන් වෙයි.
ෆිලුම ගැන කතා කලොත්,මේක මේ අවුරුද්දේ මාර්තු මාසයේ තිරගත්වීම් අරඹපු චිත්‍රපටයක්.මලයාලම් චිත්‍රපටවල අප සාමාන්‍යයෙන් දකින සමහර නළු නිලියන් මේකෙත් දැකගන්න පුළුවන්.මේක අයත්වෙන්නේ Comedy Drama කාණ්ඩයන්ට.ඒ වගේම මලයාලම් නළු නිළියන්ගේ වගේම විචාරකයින්ගේත් ප්‍රසාදය මේ ෆිලුමට හම්බෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා.ෆිලුමට 100කට ආසන්න IMDb පරිශීලකයන්ගේ ඡන්දයත් ඇතුළුව සැලකිය යුතු IMDb අගයක් ලැබිලා තියෙනවා(අගය පල්ලෙහා තියෙනවනේ!).කොහොමවුනත් ඡන්ද ප්‍රමාණය වැඩි වීමත් එක්ක මේකට ලැබිලා තියෙන IMDb අගය තවත් වැඩිවෙයි කියලා හිතන්න පුළුවන්.
චිත්‍රපටය පටන් ගන්නේ සයිරා බානු සහ ජෝෂුවා පීටර් කියන අය ජීවත් වෙන ගෙදරක උදේ ඇතිවන සිද්දියකින්.ජෝෂුවා කියන්නේ නීති විද්‍යාලයේ දෙවෙනි වසරේ සිසුවෙක්.සයිරා කියන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කරන ලියුම් බෙදන කෙනෙක්.මේ කියන දවසේ උදේ සයිරා එයාගේ රියදුරු පරීක්ෂණයට යනවා.කොහොමවුනත් වෙනදා වගේම මෙයාට ඒක සමත්වෙන්න වෙන්නේ නෑ .මේ අතර ඇනී තරවාඩි කියලා කේරලයේ ජනප්‍රිය නීතිඥවරියක් ගැනත් ෆිලුම අපිට කරුණු කියනවා.ජෝෂුවාගේ කොලේජ් එකේ මේ කියන දවසේ විරෝධතාවයක් පැවැත්වෙනවා.ජෝෂුවා ඒකෙ ෆොටෝ ගන්න ඒකට සම්බන්ධ වෙනවා.කොහොමවුනත් මේ විරෝධතාවය කරපු අය සහ පොලිසිය අතර ඇතිවන ගැටුමක් නිසා ජෝෂුවා ට පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්නත් සිද්ද වෙනවා.මේවගේ දේවල් එක්ක මේ අයගේ ජීවිත ගෙවිලා යද්දී ජෝෂුවා හුඟ කාලයක ඉඳලා දැකපු හීනයක් සැබෑ කරගන්න එයාට අවස්ථාවක් එනවා.ඒත් ඒකට එයාට විවිධ බාධා මතු වෙනවා.ඒ බාධා වලින් ජෝෂුවා ව ආරක්ෂා කරගෙන එයාව ඉස්සරහට එක්කගෙන යන්න මේ සයිරා ලොකු උත්සාහයක යෙදෙනවා.ඒ කතාව තමයි ෆිලුමේ අඩංගු වෙන්නේ.ඇත්තටම මේ ජෝෂුවා,සයිරා කියන්නේ කවුද? ඒ දෙන්නා අතරේ තියෙන්නේ මොනවගේ සම්බන්ධයක්ද,ඇනී තරවාඩි මේ අයගේ ජීවිත වලට සම්බන්ධ වෙන්නේ මොන විදියකටද?ජෝෂුවාගේ හීනය මොකක්ද?එයාට ඒක සැබෑ කරගන්න පුළුවන් වෙයිද? මේ කියන දේවල් ඔයාලා ෆිලුම බලලම හොයාගන්නකෝ!
මේ ෆිලුමේත් හොඳ පිටපතක් නිකුත් වෙලා සතියක් වගේ ඇතුලත උපසිරැසිය මේ විදියට පල කරන්න පුළුවන් කම ලැබුණා.මේ විදියට දින ගණනක මහන්සියේ ප්‍රථිපලය ඔයාලට එක ක්ලික් එකකින් පහසුවෙන්ම බාගෙන යන්න පුළුවන්.ඉතින් ඒ දේට කළගුණ සැලකීමක් විදියටවත් තව තත්පර කිහිපයක් අරගෙන උපසිරැසිය ගැන අදහසක් පල්ලෙහායින් දාගෙන යන්න කියලා මතක් කරනවා.මොකද ඕනෙම උපසිරැසිකරුවෙක් තමන්ගේ වැඩේ ගැන තෘප්තියක් ලබන්නේත් තවත් උපසිරැසි ඉස්සරහට ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරන්න බලගැන්වීමක් ලබන්නේත් මේ කමෙන්ට් වල තියෙන දේවල් දැකලා.ඒ විදියට බැලුවාම මේ පලකරන අදහසේ ප්‍රතිලාභය අවසානයේ තමන්ටම කැරකිලා එනවා.ඒ වගේම අඩුපාඩු තියෙන තැන්වලදී ඒවත් මතක් කරන්න.
එහෙනම් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු,එතෙක් ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
CO Saira Banu (2017) Malayalam DVDRip x264 700MB ESubs
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
777 downloads