Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Vanamagan (2017) with Sinhala Subtitles |කැලෑ පුත්‍ර‍යා! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න ටික කාලෙකට පස්සේ ආයෙත් අවස්ථාවක් ලැබුණා උපසිරසියක් කරන්න. ජයම් රවීගේ වනමගන්. සිංහලෙන් කිවුවොත් කැලෑ පුත්‍ර‍යා. ගිය වතාවේ ඇරන් ආව ආර්යාගේ කඩම්බන් ඔයාලා බලන්න ඇති. ඒ හා සමාන, නමුත් ඊට වඩා හොඳ නිර්මාණයක් තමයි වනමගන්. ජයම් රවී මේ පාර සුපිරියක් බස්සලා කියලා කියන්නත් පුළුවන්. දමිළ සිනමා විචාරකයින් එහෙම පවසනවා.

 

 සාරාංශයක්:
මේ කතාව සොබාදහම සහ මිනිසත්කම පිළිබඳ කතාවක්. අද වගේ කාලෙක මෙවැනි තේමා ඇරන් ඇවිත් සමාජයට යම් පණිවුඩයක් දෙන්න උත්සාහ කිරීම ගැන අධ්‍යක්ෂක ඒ.එල් විජය්ට මාගේ ප්‍ර‍ණාමය. වනයේ වාසය කරන වනචාරියෙකු සහ නගරයේ සුරූපී තරුණියෙකු අතර ඇතිවන පෙම් සබඳතාවයක් පසුබිම් කරගෙන මෙම ලස්සන පණිවුඩය ඇරන් ඇවිත් තියනවා. අන්දමන් දූපත් වල ජීවත් වෙන කැලෑ වාසියෙක් කිසියම් හේතුවක් නිසා නගරයට සම්ප්‍රාප්ත වෙනවා. ඔහුට නගරයට ඒමට හේතු වුණේ කාව්‍යා කියලා සුරූපී තරුණියක් කරපු වැඩක් නිසා. කැලේ ඉන්න මිනිහෙක් නගරයට ආවාම කෙහොම ඇද්ද? ඒ විදියටම ෆිලුමත් ඇරන් තියනවා. ඉතින් මෙයා කරන පිස්සු වැඩ වල වගකීම ගන්න වෙන්නේ කාව්‍යාට තමයි. මේ කෙල්ල කොහොමද මෙයාව ආම්බාන් කරගත්තේ? මම ඔහොම කිවුවට, සම්පූර්ණ කතාව හාත්පසින්ම වෙනස් එකක්. එතැන ඉඳන් අවසානය තෙක් කතාව බලන්න ඔබට ආරාධනා කරනවා.

 

විචාරයක්:
ඉතාම වර්ණවත් ෆිලුමක්, ලස්සන පසුබිම් ඒ වගේම හොඳ කතාවක්. පරිගණක සජීවීකරණයන් නම් විශිෂ්ටයි. අර කැලේ කොටියාගේ පහරදීම එහෙම ඉතාම තාත්විකව තිබුණා. හැමෝම ඒ කොටියා ගැන කතා කළාලු. ඒ වගේමයි ජයම් රවීගේ රඟපෑම ! චිත්‍ර‍පටිය පුරාවට දෙබස් 10 ක් වත් කියන්නෑ. සියල්ලම පාහේ අංග චලන. ඔහු දක්ෂ ලෙස එම රඟපෑම කර තිබුණා. හැබැයි ප්‍ර‍ධාන නිළියනම් රඟපාද්දි එච්චර ගැම්මක් නෑ, මේකප් එකත් වැඩියි. ඒ වුණාට මොකද නියමෙට ඩාන්ස් නම් කරනවා. මේ පාර අළුත් කෙල්ලක්, සායිෂා සායිගල් කියලා. තම්බි රාමයියාත් සමහර තැන්වල තේරුමක් නැතිව කියවනවා ඒක පොඩ්ඩක් අවුල්. ෆිලුමේ හොඳම වැඩ්ඩා තමයි හැරිස් ජයරාජ්. සංගීත අධ්‍යක්ෂක තුමා. මේ එතුමාගේ පණස් වැනි ඇල්බම් එක. සිංදු ටිකනම් පට්ටම ගති!! ඔයාලා අහලා බලන්න. පසුබිම් සංගීතයත් හොඳයි. සංවේදී තැන් කීපයකුත් තියනවා. සරලවම කිවුවොත් එක පාරක් අනිවාර්යෙන් ඇරන් බලන්න පුළුවන් හොඳ නිර්මාණයක්.

 

ඉතින් පොරොන්දු වුණා වගේම දවසක් ඇතුළත උපසිරසිය හදලා එවුවා. බයිස්කෝප් වලින් විතරයි හොඳේ! එහෙනම් චිත්‍ර‍පටය රසවිඳින්න ආරාධනා කරන ගමන් සමු ගන්නවා.
ඔබට ජයවේවා!

Vanamagan (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

www.TamilRockers.nu – Vanamagan (2017) Tamil 480p HD AVC MP4 1.3GB

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාරසොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-10-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>