Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Kismat Konnection (2008) with Sinhala Subtitles |දෛවයෝගය! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ජීවිතේ ලැබෙන සමහර දේවල් ඔයාගේ වාසනාව, එහෙමත් නැත්නම් ඔයාගේ ළඟම නෑදෑයෙක් ගේ, එහෙමත් නැත්නම් ඔයා ගොඩක් ආදරේ කරන කෙනෙක් ගේ වාසනාව නිසා ඔයාට ලැබුනා කියලා ජීවිතේ එක වතාවක්වත් හිතිලා ඇති. මං දන්නවා, මේ අත්දැකීමටත් වඩා තවත් කෙනෙක්ට අවාසනාව ගැන හිතිලා ඇති. අවාසනාව, වාසනාව… මේ මොන අත්දැකීමක් ලැබුනත් අපි හැමෝටම ඕන කරලා තියෙන්නේ ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්නයි. Kismat Konnection (2008) කියන්නේ වාසනාව, අවාසනාව අතර දෝලනය වෙන රාජ් මල්හෝත්‍රාගේ කතාන්තරයයි.

Yes Boss (1997), Phir Bhi Dil Hai Hindustani (2000), Chalte Chalte (2003) මේ කියන ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Aziz Mirza තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඒත් එක්කම Shahid Kapoor, Vidya Balan ප්‍රධාන චරිතත්, Juhi Chawla ආරාධිත රංගනේනුත් දායක වෙනවා. එතකොට මේ කතාව පටන් ගද්දිම ඇහෙන්නේ Shah Rukh Khan ගේ කටහඬ. රොමෑන්ස්, කොමඩි ගණයට අයත් වෙන මේ ලස්සන චිත්‍රපටිය, ලස්සන ගීත කීපෙකින් තවත් ලස්සන වෙලා තියනවා. මගේ උපරිමයෙන් ඒ ගීතත් පරිවර්තනය කරේ කම්මැලි නැතිව බලන්න ඉන්න පුලුවන් විදියේ ලස්සනක් ඒවයේ තියෙන නිසා. ගීත වල හින්දි වගේම ඉංග්‍රීසි භාෂාවට අයත් වචන තිබුන නිසාත්, ගීතයේ රසයට හානියක් නොවෙන්න ඕන නිසාත්, හින්දි වචනයෙන් ගායකයා ගයන වචන විතරක් සිංහලට පරිවර්තනය කරා. මං දන්නවා ගොඩක් අය චිත්‍රපටිය බැලුවට, ගීත බලන්නේ, රස විඳින්නේ නෑ කියලා. පුලුවන් නම් ගීතත් මග නෑර බලන්න. මොකද මේ කතාව කම්මැලි නැතුව එක දිගට බලා ගෙන යන්න පුලුවන් චිත්‍රපටියක් වගේම, ඒකේ රසය තවත් වැඩි වෙන්නේ එක කොටසක්වත් මග නෑර බලද්දියි.

අවසාන වශයෙන් මට මේ චිත්‍රපටිය කරන්න අවස්ථාව ලබා දුන්න අසංක අයියට බොහොම ස්තූතියි කියලා කියන්න ඕන. විභාග වැඩ කටයුතු තිබුන නිසා, අසංක අයියා මේ වැඩේ භාර දීලා දවස් ගානක් ගියාට පස්සේ තමයි මං මේ වැඩේට අත ගැහුවේ. ඉස්සරහට තවත් ලස්සන නිර්මාණයකින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් චිත්‍රපටිය බලලා, හිනාවෙලා, සතුටින් ඉන්න ගමන් ඇවිත් පොඩි ප්‍රතිචාරයක් දීලා යන්න.

සුබ දවසක්! ආයුබෝවන්!

 

Kismat Konnection (20008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kismat.Konnection.BRip.400mb.ESubs

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>