සිම්බුගේ අලුත්ම ෆිල්ම් එක, පෞද්ගලිකව මම ආස කරන නලුවෙක් ඉතිං පුළුවන් ඉක්මනින් සබ් එක අරන් ආවා. ලයින් 2500ක් ලේසිනම් නෑ ඉතිං. ෆිල්ම් එක ගැනත් පොඩ්ඩක් විතර කියන්නම් මුලින්ම, නැත්නම් ෆිල්ම් එක අහක දායි. මෑත කාලේ ලංකාවේ ගොඩක් කතා වුනා වයසක අය තරුණ ගෑනු ළමයි කසාද බදිනවා අන්න ඒ වගේ දේවල්. ඉතිං මේ ෆිල්ම් එකේ අන්න ඒ වගේ කතාවක් තියෙන්නේ, අපේ රටේ ඒ වගේ සම්බන්ධතා ගැන කතන්දර හදපු අය අනිවාරෙන්ම මේක අරගන බලන්න, ටිකක් අමුතුයි. imdb අගය ඉතාමත් පහල තියෙන්නේ, ඉතිං මම හිතන්නේ නම් මීට වැඩි අගයක් ලැබෙන්න ඕන කියලා. ඉතිං ෆිල්ම් එකේ කතාව සහා අධ්‍යක්ෂණය-ආධික් රවිචන්ද්‍රන්, නිෂ්පාදනය-මයිකල් රායප්පන්, ප්‍රධාන චරිත-සිම්බු, තමන්නා සමගින් ශ්‍රියා සරන්. රොමැන්ටික් කොමඩි වර්ගීකරණය යටතේ නිපද වුනු මෙම චිත්‍රපටිය 2017 ජූනි 23 ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කලා. imdb අගය 3.1 ක අගයක් සටහන් වෙනවා.
කතාව ගැනත් කියන්නම් සිම්බු(මදුරේ මයිකල්)මැරයෙක්, එයා සෙල්විට ආදරේ කරනවා. කසාද බදින්න ඔන්න මෙන්න තියෙද්දී සිම්බුට හිරේට යන්න වෙනවා, සිම්බු හිරෙන් පැනගන්නවා. ඉස්සෙල්ලම එන්නේ සෙල්වී බලන්න. ඒත් සෙල්වී වෙන කෙනෙක් කසාද බදින්න යනවා, සෙල්විට මැරයෙක් ගැලපෙන් නෑ කියලා හිතලා සිම්බු රටින් පනිනවා ඩුබායි වලට. ඩුබායි වල ලොකු ඩොන් කෙනෙක් වෙනවා ඊට පස්සේ, හැබැයි ටික කාලයක් යනවා. දැන් කතාවේ ඉතුරු බාගේ වගේ තමයි. සිම්බු වයසට ගිහිං. ඉතිං තනිකමින් ඉන්නකොට මෙයාට හම්බවෙනවා තමන්නාව, හැබැයි මෙයා පොඩි කෙල්ලෙක්, ඉතිං දැන් තමා කතාවේ රසවත් දේවල් ටික වෙන්නේ. කෙල්ලොන්ගේ ආදරේ ගැන, කොල්ලොන්ගේ ආදරේ ගැන, කෙල්ලෝ කොල්ලොන්ට කරන දේවල් ගැන, වයසක අයගේ හිතේ උපදින ප්‍රේමය ගැන මේ කතාවේ තියනවා. ඉතිං අරගනම බලන්න යාලුවනේ. කලින් සබ් වලට කමෙන්ට් කරපු යාලුවන්ට බොහොම ස්තුතියි!!!
එහෙනම් සුභ දවසක්! තෙරුවන් සරණයි!!
Due to copyright issues, we do not provide any torrent links.
Anbanavan Asaradhavan Adangadhavan (2017)[v2 HDRip – x264 – 700MB – ESubs – Tamil]
1141 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-06-27
SUBMAKER RATING BY ADMINS