Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Wilson (2017) with Sinhala Subtitles |විල්සන් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

මේක මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය. පළවෙනි උපසිරසෙ තිබුන ගොඩක් අඩු පාඩු මම මේකෙදි හදාගත්ත කියල මම හිතනව. කොහොම උනත් පොඩි පොඩි අඩු පාඩු ඇති මම තාම උපසිරස කරණයට අලුත් නිසා. තව දෙයක් කියන්න ඕන විශේෂයෙන්ම. මේකෙ සමහර දෙබස් මම ඒ විදියටම පරිවර්තනය නොකර ටිකක් ගැලපෙන විදියට වෙනස් කරල තියෙනව. නිවාඩු පාඩුවේ ඉන්න නිසා මේකෙ උපසිරස කරන්න බාරගත්තත් හදිසියේ වැටුන එසයිමන්ට් වගයක හිර උන නිසා උපසිරස දෙන්න ටිකක් පහු උනා.ඒකට මුලින්ම සමාවෙන්න ඕන. බාරගෙන සති දෙකක් විතර ගියා ඉවර කරන්න

චිත්‍රපටය ගැන පොඩ්ඩක් කිව්වොතින්, මේක 2017 තිරගත වෙච්ච චිත්‍රපටයක්. Comedy, drama කියන ගනයට අයත් වෙන මේකට 5.8 ක IMDb අගයක් හිමිවෙලා තියෙනව. මේක අධ්‍යක්ශනය කරල තීන්නෙ Craig Johnson අධ්‍යක්ශවරයා විසින්. මේකෙ ප්‍රධාන චරිතය වන විල්සන්ට පන පොවන්නෙ Woody Harrelson කියන ප්‍රකට විකට නළුවා.

කතාව ගැනත් කෙටියෙන් කියනවනම්, විල්සන් කියන්නෙ අවංක, අහිංසක තනිව ජීවත්වන මනුස්සයෙක්. මෙයාගෙ නොනා අවුරුදු 17 කට කලින් මෙයාව දාල ගිහින්. ඉතිං විල්සන් ආපහු පවුල ගොඩනගන්න කටයුතු කරන හැටි තමයි මේකෙ තියෙන්නෙ. මුල ඉඳන් අග වෙනකං හිනාවෙවී දුක් වෙවී බලන්න පුලුවන්.

වැරදි අඩු පාඩු තියනවනම් ඒවට සමාවෙන ගමන් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ජය!

Wilson (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Wilson.2017.LIMITED.720p.BluRay.x264-GECKOS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුසිත පුෂ්පකුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>