සුභ දවසක් හා සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැම දෙනාටම. ඔන්න මම ගෙනාවා baiscope වලට හොඳ කොමඩියක්. ගොඩක් දවසකින් තමයි මේ සබ් එක කරේ. ටිකක් වෙලා ගියා අවුරුදු උණුසුම නිසා. කොහොමෙන් කොහොම හරි සබ් එක දැන් කරලා ඉවරයි නේ, මෙන්න එහෙනම් මේ ෆිල්ම් එක. වැඩි කතා නැතුවම අපි ෆිල්ම් එකට බහිමුකො.
මේ ෆිල්ම් එක ආවේ 2006 .ටිකක් පරනයි තමයි ඒත් බලන්න කෝ .මේකේ නම RV .ඔයාලා දන්නවානේ RV කියන්නේ මොකක්ද කියලා .සමහරු දන්නේ නැතිව ඇති .RV කියන්නේ කැරවෑන්වලට අර ජංගම ගෙවල් .අන්න ඒවා තමයි RV කියන්නේ .මේකේ කතාව ගැන කියනවනම් මේකේ තියෙන්නේ පවුලක් RV එකකින් යනවා විනෝද චාරිකාවක් ,ඒක ගිහින් එක එක කරදර වලට මුහුණ දෙනවා .සතුටු වෙනවා, දුක් වෙනවා ,රණ්ඩු වෙනවා එක එක දේවල් .කතාව පුරාම මාර ජොලි කේස් වෙන්නේ .කතාව කියලා වැඩක් නෑ නේ බලන්න .මේකේ රඟපාන්න ඉන්නේ නම් ඔයාලා දන්නා නළු නිලියෝ ටිකක් .මේ ළඟකදී වගේ ලොවෙන් සමුගත්ත ROBIN WILLIAMS තමා මේකේ ප්‍රධාන නළුවා .තව ඉන්නවා ,Cheryl Hines,Joanna ‘JoJo’ Levesque, Josh Hutcherson,Will Arnett,Jeff Daniels වගේ ඔයාලා දන්නා ගොඩක් නළු නිලියෝ මේකට සහභාගී වෙලා තියෙනවා .IMDB වලින් නම් මේකට 5.5 ක් ලැබිලා තියෙනවා .එහෙම අගයක්වත් ලැබෙන්නේ ගොඩක් කලාතුරකින් .ඒක හින්දමයි මන් කියන්නේ මේක බලන්න කියලා .පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන කතාවක් .ඔයාලම බලලා තීරණය කරන්නකෝ මේක ගැන මන් කිව්වේ බොරුද ඇත්තද කියලා.
මේක කරපු ගමන් ලොකු සතුටක් දැනුනා. ආ තව කියන්න ඕනේ මේ තමා මගේ 4 වෙනි සබ් එක. මේක ඔයාලා බලන්න මේක ඉන්නෙත් මන් ආසම කරන නළුවෙක් තමයි(ROBIN WILLIAMS). මට මේකට සබ් එක කරන්න ඉඩ දීපු baiscope කණ්ඩායමටත්, අනෙක් සියලු දෙනාටමත් ස්තුති කරන ගමන් මන් යනවා. සියලු දෙනාටම සුබ දවසක්.
කිරි පැණි ඉතිරෙන සුභ සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට..!
258 downloads