හරි හරි, ඔන්න එහෙනම් තවත් පට්ට ෆිලුමක් ගෙනාව. ඉතින් කියන්න ඕන මේක මගේ 8වෙනි උපසිරස. මේ ෆිලුම මට දෙපාරක්ම මග නතර කරන්න උනා වෙන චිත්‍රපට දෙකකට උපසිරැසි හදන්න. ඒකෙන් කියවෙන්නෑ මේක හොද ෆිලුමක් නෙවෙයි කියල. මොකද මේක IMDb දර්ශකයෙ 7ට වැඩි අගයක් ගන්නව. මතක හැටියට නම් මේකත් මට බාර කලේ සමීර සහෝ. ඔහුටත් ස්තුතියි. යමුකො එහෙනම් අද කතාව පැත්තට……
Atom Egoya ගෙ අධ්‍යක්ශණයෙන් සහ Rober Lan ගෙ නිශ්පාදනයෙන් නිර්මාණය වූ මේ චිත්‍රපටියෙ IMDb අගය 7. 3 ක් වෙනව. මේක ඇමරිකාවෙ තිරගත වුනේ ඔක්තෝම්බර් 27. මිනිත්තු 94ක් පුරා දිව යන මේ ෆිලුම Drama , Thriller ගණයට අයත් වෙනව. කතාවෙ පසුබිම ඔය වගේ. මේකෙ ප්‍රධාන චරිතය වන Zev Guttaman කියන්නෙ වයසක පුද්ගලයෙක්. ඔහුට එක ආකාරයකට මානසික මෙන්න හැමදේම අමතක වීමේ රෝගයකුත් තියනව. ඉතින් කථාවෙ මුලින්ම මොහු යුදෙව්වෙක්. ඔහුගෙ පරණ යාලුවෙක් ඉන්නව Max කියල. ඉතින් මොවුන් ජර්මනියෙ යුද්ධෙ කාලයෙ යුදෙව්වන් ලෙස හිරවෙලා හිටිය දෙදෙනෙක්. ඒ කාලෙ නාසි නිලධාරින් Zev ගෙ පවුල්වල සියලු දෙනා මරල දානව. ඉතින් දැන් ඒ නිලධාරියෙක් Rudy Kulander යන නමින් ඇමරිකාවෙ සහ කැනඩාවෙ ජීවත් වෙනව. ඉතින් ඔහු තම පවුලෙ මරණ වලට වගකියන්න ඕන නිසා ඔහුව හොයාගෙන Rudy Kulander ල 4 දෙනෙක් ගාවට යනව මේ Zev කියන වයසක පුද්ගලය. ඉතින් මම මේ කිව්වෙ කථාවෙ මුල හරිය. මේ සේරම වෙනස් වෙන දෙයක් තමයි අන්තිමට සිදුවෙන්නෙ. එතන ඉදල කථාව නරඹන්න ඔබට භාරයි. ඉතින් මේ අය තමයි මේකට රංගනයෙන් දායක වෙන්නෙ.
Zev Guttaman – Christopher Plummer
Rudy Kulander #1 – Bruno Ganz
Rudy Kulander #2 – Heinz Lieven
Rudy Kulander #4 – Jurgen Prochnow
.
ඔන්න අදට එහෙනම් මම නවතිනව. තවත් උපසිරසකින් ඉක්මනින්ම හමුවෙන්නම්. ඔයාල සියලු දෙනාටම ජය!
෴ජය෴
709 downloads