ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාගය පිරි සුබම සුබ නව වසරක් වේවා…!!!
ඔන්න මම හයවෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.විල් ගේ ලොක්කව මරපු නිසා කස්ටිය දැනගන්නවා තොරතුරු කාන්දු වෙනවා කියලා ඒ වගේම විල් එතන ඉන්න කෙනෙකුට චෝදනා කලත් ඇත්තටම එයාගෙන් යන්නේ නෑ කියලා විල් දැනගන්නවා. ඒ වගේම ජෙරෝනිමෝ ව ගොනාට අන්දලා ස්නයිඩර් එයාගේ වැඩේ කරගන්නවා වගේම ජෙරෝනිමෝ ව මරණයට පත් කරනවා. ඒ වගේම ජෙරෝනිමෝ ට වැඩ කරන ළමයි දෙන්නෙක් අල්ලගත්ත්ට පස්සේ විල් තේරුම් ගන්නවා කැරැල්ල මෙහෙයවන්නේ ජෙරෝනිමෝ නෙමේ කියලා. ඒ වගේම ඒ කැරැල්ලේ ඉලක්කය වෙන දෙයක් කියලත්. මේ ටික තමයි කලින් කොටසේ උනේ. එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.
අන්තිමට ස්නයිඩර් විල් ව වාහනේ දාගෙන එන්න ආවනේ. දැන් කැරැල්ලේ කස්ටිය හදන්නේ ස්නයිඩර් ව පැහැරගන්න. එකට පට්ට සැලසුමක් නම් ඕනේ. මොකද ඉන්න කස්ටියට පහර දෙන්නත් ඕනේ. ස්නයිඩර් ව පණපිටින් තියාගන්නත් ඕනේ. ද්‍රෝණ එන්න කලින් තත්පර 90ක් ඇතුලට වැඩේ කරන්නත් ඕනේ. මේ වැඩේ සාර්ථක වෙයි ද? ස්නයිඩර් කොටු වෙයි ද? අද කොටස බලන්න එහෙනම්..එහෙනම් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. එතකන් ජයවේවා.
169 downloads
<<Previous Episode All Episodes Next Episode>>