Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ghayal Once Again (2016) with Sinhala Subtitle|අත්වැරදීම සහ අපරාධය ! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Ghayal Once Again (2016)කාලෙකට පස්සේ හින්දි සිනමාපටයක් අරන් එන්න අවස්ථාවක් ලැබුණා. මේක හොයලා දුන්න සමීර චතුරංග අයියට ස්තුතිවන්ත වෙනවා. ප්‍රමාදයිද මන්දා ටිකක්. ඒකටත් සමාව අයදිනවා. චිත්‍රපටය ගැන කියන්නම්.

 1990 වසරේ Ghayal නමින් තිරගත වුණු Sunny Deol විසින් ප්‍රධාන චරිතයට දායක වුණ ජනප්‍රිය චිත්‍රපටයක දිගුවක් ලෙසයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මුල් චිත්‍රපටය ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ලොව වටා ප්‍රදර්ශනය ඇරඹුණේ පසුගිය පෙබරවාරි 06 වෙනිදා. Action ,Drama යන කාණ්ඩවලටයි අයත් වෙන්නේ. මේ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය හොබවන්නේ Sunny Deol විසින්මයි. ඔබ හින්දි සිනමා ලෝලියෙක් නම් Sunny Deol කියන්නේ කවුද , කාගේ කවුද යනාදී වශයෙන් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. කාලෙකට පෙර ඉතා ජනප්‍රිය වුණු , දක්ෂ , පෞද්ගලිකව මම බොහොම ප්‍රිය කරන නළුවෙක්. ඔහුගේ පියා හින්දි සිනමාවේ දැවැන්ත චරිතයක් වූ Dharmendra. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයත් Sunny Deol විසින්මයි. ඒ වගේම නිෂ්පාදනය Dharmendra විසින්. සෙසු චරිතවලට Om Puri, Manoj Joshi , Tisca Chopra , Sachin Khedekar, Soha Ali Khan  සහ Narendra Jha වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් දායක වෙනවා. තරුණ රංගන ශිල්පින් කීපදෙනෙකුත් ඉන්නවා. IMDb අගය 7.3ක්. අපේක්ෂිත බොක්ස් ඔෆිස් ආදායම පහසුවෙන් ඉක්මවලා තියනවා. මේ චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම Sunny Deol මෙහි තෙවැන්නක් නිෂ්පාදනය කරන්නත් බලාපොරත්තු වෙනවාලු.
මේ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය ‘අජේ මෙහෙරා’. චරිතය නම් මුල් චිත්‍රපටයට සම්බන්ධයි. ඒත් මුල් චිත්‍රපටය නොබැලුවා කියල ප්‍රශ්නයක් නැහැ. කොහොමත් චිත්‍රපටය ආරම්භයේදී පොඩි අවබෝධයක් ලබා දෙනවා ඒ ගැන. අජේ මෙහෙරා කියන්නේ කලක් සිරගතව සිටි පසුව සත්‍යකාම් නම් සංවිධානය ආරම්භ කර එහි කටයුතු කරන මාධ්‍ය වේදියෙක්, සමාජ සේවකයෙක්. ඔහුට උදව් කරන කෙනෙක් තමයි විශ්‍රාමලත් පොලිස් කොමසාරිස් ජෝ ඩි සූසා. සත්‍යකාම්හි යම් සමාජ ගැටළුවක් විසඳීමට දුර බැහැරක ගොස් ආපසු එමින් ජෝ ඩි සූසා දරුණු රිය අනතුරකින් මිය යනවා. රිය අනතුරක් ලෙස පැහැදිලිවම පෙනී යන නිසා කිසිවෙක් සැක කරන්නේ නැහැ. එහෙත් තරුණ ළමුන් සිව් දෙනෙක් ඔහුගේ මරණය රිය අනතුරක් නොව කබීර් බන්සල් නම් තරුණයා විසින් කළ ඝාතනයක් බව අහම්බෙන් සොයාගන්නවා. කබීර් බන්සල් කියන්නේ ඉන්දියාවේ සිටින බලවත්ම මිනිසා , එනම් රාජ් බන්සල්ගේ එකම පුතා. මේ මිනීමැරුම සිද්ධ වෙන්නේ ප්‍රාන්ත ඇමති පවා එහි සිටි අවස්ථාවක. එතැන් සිට අජේ මෙහෙරා සහ එම ළමුන් සිව් දෙනා ඉන්දියාවේ බලවත්ම මිනිසාට විරුද්ධව ගෙනියන වැඩපිළිවෙළයි කතාවේ දිග හැරෙන්නේ.
ඉතිරිය ඔබට. තවත් උපසිරසියක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා ! දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

The Monkey King the Legend Begins (2016) on IMDb

 

 

550 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

CE349CE77643C4EBE35B188A6541741521BD83C1
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>