ඔන්න එහෙනම් අදත් ගෝතම් අරගෙන මම ආවා. අද 19 වෙනි එපිය. තව කොටස් තව කොටස් තුනකින් මේ සීසන් එකත් ඉවරයි ඔන්න. ඉතින් අද කතාව ගැනත් කියන්න වචන නෑ. සුපිරි. අද පොඩ්ඩක් විහිළු ගතියකුත් තියෙනවා එපියෙ. මතකනෙ ගිය සතියට කළින් සතියෙ වෙච්ච දේ. අන්තිමට ගැලවෑන්ට පණ ආවා. අන්තිමට තව කීදෙනෙක්ට පණ එයිද දන්නෙ නෑ. මොකද එහෙම හිතෙන්නෙ අද ස්ට්‍රේන්ජ් කියපු කතාවකුත් එක්කයි. අද කතාව පටන් ගන්නෙ අන්තිමට ගැලවෑන්ට පණ එන තැනින්. මේ පණ එනකොට මෙයාගෙ මතකය අවුල් වෙලා. ඉතින් ස්ට්‍රේන්ජ් කරන වැඩේ මෙයාගෙ මතකයේ තියෙන දේවල් එකතු කරලා වෙනස් මතකයක් හදලා දෙනවා. හැබැයි ඒකට පාර පෙන්නන්නෙ නිග්මා. නිග්මා කියනවා ස්ට්‍රේන්ජ්ගෙ මූණටම “මමයි මනෝවෛද්‍යවරයා වෙන්න ඕනා” කියලා. හෙ හේ… ඉතින් කොහොම හරි ජිම්බොත් ඔන්න එනවා ස්ට්‍රේන්ජ්ව හම්බවෙන්න ස්ට්‍රේන්ජ් තමා ෆිලෝසොෆර් කියලා දැනගත්තට පස්සෙ. ඉතින් ඔතෙන්දි නිග්මවත් හම්බවෙනවා ජිම්ට. නිග්මා ජිම්ට කියනවා මම වැඩි කාලෙකට මේකෙ ඉන්නෙ නෑ කියලා. කිවුවත් වගේම ඔන්න නිග්මා වැඩ පටන් ගන්නවා. අද මම දැක්ක විශේෂම දේ තමා හියුගෝ ස්ට්‍රේන්ජ් අර ඇලිස්ගේ විශ්මලන්තය කියන පොතේ තියෙන දෙබස කියවන තැන. ඒ දෙබස ඇහෙද්දි මොකක් හරි දෙයක් මතක් වුණාද??? තොප්පි කාරයෙක්ව එහෙම… ඔව් ඔව් The Mad Hatter ගැන තමා මම කියන්නෙ. තව මම නෙට් එකෙත් දැක්කා සමහර විට මේ මෑඩ් හැටර් විදිහට ජෙරොම් එන්නත් පුළුවන් කියලා. අනේ මංදා. ඊළඟ එපි තුනත් එනකම් ඉවසමුකො.
ගිය සතියෙ ප්‍රේහෙලිකාවට උත්තරේ තමා “සිතියම”. කට්ටිය හැමෝම හරි උත්තරේ දීලා තිබුණා. ඒ ගැන සතුටුයි. ඔන්න එහෙනම් මම පල්ලෙහා දීලා ඇති අද ප්‍රෙහෙලිකාව. එහෙනම් ඒකටත් උත්තරේ කොටාගෙනම යන්නකො. තවත් සබ් එකකින් හමුවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
” අන්තිමේදි හැමෝම පත් වෙන්නෙ මං බවට. මං කවුද? “
1978 downloads