සම්බන්ධතා කියන්නෙ හරිම පුදුම දෙයක්. සම්බන්ධතාවයක් ඇතිවුනොත් ඇතිවුනාම තමා. එහෙම වෙන්නෙ කොහොමද කියලනම් අහන්න එපා. “ආර්‍යන් ඛන්නා” කෝච්චියෙ 205 වෙනි මැදිරියේ ටිකට් නැතුවම මුම්බායට ඇවිත් මුම්බායෙ ජරාජීර්ණ නවාතැන්පලක 205 වෙනි කාමරේ නවාතැන් ගෙන සිට. සිනමාව ජයගත් ඔහු තමා අද වෙනකොට ඉන්දීය සිනමාවෙ සුපිරිම තාරකාව. මම කලින් කිව්ව ජාතියෙ සම්බන්ධතාවයක් අපි දෙන්න අතරෙ තිබ්බ. ඒක අද ඊයෙ ඇතිවුන දෙයක් නෙමෙ. ඔහු තමා මගේ ප්‍රතිමූර්ථිය, මම තමා ආර්‍යන්ට ඉන්න හොදම රසිකය ගෞරව්. මම තවම එයාව දැකලනම් නෑ හැබැයි ඒත් මම ජීවත් වෙන්නෙ ආර්‍යන් තුලමයි. මම ඒක හොදාකාරවම දන්නව. ඒක තමා අපේ සම්බන්ධතාවය. එයා කරපු කියපු හැම දෙයක්ම මම ආසාවෙන් එකතු කලා. එයා සුපිරි තාරකාවක් වෙනකොට මම එයාගෙ අංක එකෙ රසිකයා බවට පත්වුනා. නමුත් අන්තිමේදි එක විනාඩි පහක වෙනසකින් ඒ හැම දේම කනපිට හැරුනා. රසිකයා සිනමාතරුව පසුපස ඒම වෙනුවට සිනමා තරුව රසිකයා පසුපස ආවා. සුපිරි තාරකාව ආර්‍යන් ඛන්නාගෙ නම කියවෙන හැම වෙලේකම… ගෞව්රව් චාන්ද්නා ගෙ නමත් මතක් කරන්න සිද්දවුනා. එහෙමයි කලින් කිව්ව සම්බන්ධතාවය කනපිට හැරුනේ.
එහෙනම් ඉතිං, මගේ ඇරියස් එක විමා ලියපු ලිපිය කියෙව්වා නේ. මොන හතුරුකම් තිබ්බත් දෙයියනේ කියලා බෑ නම් කිව්වේ නෑ ලිපිය ලියන්න හෙල්ප් එකක් ඉල්ලද්දී. බොහොම ස්තුතියි මචෝ, විමෝ. එහෙන්ම ඉතිං ෆිල්ම් එක ගැන වැඩිදුර පසුබිම් විස්තරයක් කරන්න යන්නේ නෑ, මොකද fb එකේ ගොඩක් පේජ් වල මේ ෆිල්ම් එක ගැන නොසෑහෙන්න කතා කෙරුන නිසා. ඉන්දියාවේ ආදායම් අතින් ජුන්ගක් විතර අන්ජබකල් වුනාට, ඉන්දියාවෙන් පිටනම් ටිකක් හොදහැටි හම්බකරා මේ ෆිල්ම් එක. අදායම් අතින් එහෙම වෙන්න හේතුවක් වෙන්න ඇති, කිසිදු ගීතයක් මෙහි අඩංගු නොවීමත්. මමනම් හිතන විදියට තැන් දෙක තුනකදී ගීත දෙක තුනක් තිබ්බනම් හොදයි කියන එක. ආදායම් කෙසේ වෙතත් හැමෝම පිළිගත් කතන්දරයක් තමයි, මෑතකදී ශාරුක් ගේ ආපු ෆිල්ම් වලින් “ශාරුක් ආයෙත් ඇවිත්” කියන්න පුළුවන් ෆිල්ම් එක තමයි මේ. ඇත්තටම, රගපෑම් නම් සුපිරිම සුපිරි. imdb අගය 8/10 ලැබිලා තියෙනවා, ඒකෙන්ම තේරෙනවා නේ ඉතින් තත්ත්වේ කොහොමද කියලා.
එව්වත් ඔක්කොම හරි කියමුකෝ, මේ ෆිල්ම් එකේ අන්තර්ජාලයට ආපු දැනට ඔයාලට දෙන මේ උපසිරැසිය අඩුපාඩු ගොඩක් සහිත එකක්. සබ් එක කරද්දී මටම හිතා ගන්න බැරි වුනා මේ ආපු ඉන්ග්ලිෂ් සබ් එක ඇත්තටම ඉන්ග්ලිෂ් සබ් එකක්ද? නැත්නම් පිටසක්වල භාෂාවකින් ආපු සබ් එකක්ද කියලා. ඒ තරම් අංජබකල් සබ් එකකට තමා මේ මම සිංහල සබ් කළේ. සමහර දෙබස් හිතාගන්නම බැරි නිසා හිතලා, ලගින් තේරුම යන විදියට තමයි උපසිරැසි යොදල ඇත්තේ. බය වෙන්න එපා, ආයේ හොද ඉංග්ලිෂ් උපසිරසියක් ආවම හරිම විදියට සබ් එක අප්ඩේට් කරලා දෙනවා. දෙයියනේ කියලා ගොඩක් තැන් අහල තමයි කළේ. ඔක්කොමත් හරි, මට අහල කරන්න බැරි දෙබස් ලයින් ටිකට උදව් කළේ කවුද දන්නවද? මිස්ටර් හසන්ත වික්‍රමරත්න මහත්මයා නොවැ. මේකාට හින්දි පුළුවන් අපි හැමෝටම වඩා. හොරා වගේ හිටියා. ගොඩක් ස්තුතියි හසෝ ඒ කරපු උදව්ව්ව්ට හොදේ. (ඔන්න, කට්ටියට පුළුවන් ඉස්සරහට අපේ හසාගෙනුත් හින්දි ෆිල්ම් වලට සබ් ඉල්ලගන්න).
එහෙනම් කියන්න තියෙන්නේ ඔයටික තමා, ඒ වගේම සමාව ඉල්ලනවා, මේ සබ් එක ඉල්ලලා දෙන්න බැරි වුනු අයගෙන්. මොකද සබ් එක කම්ප්ලීට් කරලා තිබ්බේ නැති නිසා. ඒ වගේම අනේ කමෙන්ට් නම් දාන්න එපා, කළින් වතාවේ කමෙන්ට් දාන්න කියලා ඉල්ලලා මම තේරුම් ගත්තා, කමෙන්ට් ඇතත් නැතත් ෆිල්ම් වලට සබ් දාන එක අපේ රාජකාරිය කියලා. ඒ ගැන මට වටහලා දුන් “මස්තානි” හට මාගේ සාතිශය සංවේගය පුදකරනවා.
මෙවැනි “රසිකයෙක්” වෙන්න එපා යැයි කියමින්, බයිස්කෝප් “රසිකයන්” හැමෝටම ජය පතමින් මම යන්නම් එහෙනම්.
ජයවේවා!!!