ඩේමියන්ගේ පලිගැනිම නිසා ඇරෝ ටිම් එකට ලෝරල්ව නැති වුනා. ඉතින් කතාවේ ලෝරල් කියන චරිතය නැතිවිමත් එක්ක අපිට එයාගේ අතිත මතකයන් ගොඩක් අපිට පහුගිය කොටසින් බලාගන්න පුලුවන් වුනා. ඒ හැම සිදුවිමක්ම හදවතට දැනෙන විදියට ලස්සනට පෙලගස්වලා තිබුනා. කොහොම හරි ලෝරල් නැතිවුනා කියලා පිලිගන්න ලාන්ස් සුදානම් නෑ. එයා කියන්නේ ලෝරල් පණපිටින් ඉන්නවා කියලා. ඒක තහවුරු වෙන්න බ්ලැක් කැනේරි ආයුධ ගණුදෙනුකාරයෝ කට්ටියකට පහර දිලා. මේක නිසා ලාන්ස් කියන දේ තවත් තහවුරු වෙනවා කියලා එයා කියනවා. එයා කියනවා ලෝරල් ආයෙමත් නැගිටලා ඇවිත් කියලා. හැබැයි එයාලා මෘත ශරිරාගාරයට ගියාම ලෝරල්ගේ මිනිය තියෙනවා. ඊට පස්සේ ලාන්ස් කරන්නේ ලෝරල්ගේ පණ ආපහු ගන්න පුලුවන් ක්‍රමයක් හොයාගන්න හදන එක. හැබැයි ඉතින් ඔලිවර් එයාට තේරුම් කරනවා ලෝරල් මැරුණ එක පිලිගන්න කියලා.
ඔය අතරේ ඔලිවර් මේ අලුත් බ්ලැක් කැනේරි කවුද කියලා හොයාගෙන යනවා. හැබැයි ඊට කලින් බ්ලැක් කැනේරි ඇවිත් ඇලෙක්ස්ට පහර දෙනවා. එතකොට තියා ඇවිත් ඇලෙක්ස්ව බේරාගන්නවා. හැබැයි ඒ වෙලාවේ තමයි තියා මේ බ්ලැක් කැනේරි විදියට ඇදගෙන ඉන්නේ ඇත්තටම කවුද කියලා දැනගන්නේ. ඔලිවර් ඇවිත් එයාගේ පස්සේ එන්න හදනවා. එතකොට ඇරෝ එයාලව අසරණ කලා කියලා ඇරෝට මේ කෙල්ල බණිනිනවා. ඒ ඔත්තුව දිගේ ගිහින් ඇරෝ ටිම් එක මේ කෙනා ගැන හොයාගන්නවා. බලාගෙන යද්දි මේ රෙගින්ටන්වල හිටපු ඩාර්ක්ගේ පරික්ෂණ වලට ඉදිරිපත් වුන කෙනෙක්ගේ දුවෙක් තමයි මේ ඉන්නේ. එයා ඩාර්ක්ට විරුද්ධව වැඩ කරන්න හදනවා.
ඒ වගේම ලෝරල්ගේ මරණය ගැන ඇරෝ ටිම් එක දුක් වෙන අතරේ ඩිගල් ඒකෙ වැරැද්ද එයාගේ පිටින් යවාගන්නවා. ලෝරල් මැරුණේ එයා ඇන්ඩි ගැන විශ්වාස කරපු නිසා කියලා එයා හිතනවා. ඉතින් මේ වැරැද්දෙන් බේරෙන්න ඩිගල් හැම තැනම ඇන්ඩි හොයනවා. බැරිම තැන එයා නගරාධිපති රුවේ ඇඩම්ස්ගේ වාහනයටත් පහර දෙනවා. පහර දිලා එයා හරහා ඇන්ඩි ඉන්න තැන හොයාගන්නයි හදන්නේ. එයා මොකුත් නොකියන නිසා ඩිගල් එයාට තුවාල කරන්න හදනවා. ඒ වෙලාවේ ඇරෝ ඇවිත් ඩිගල්ව නවත්වනවා. ඔලිවර් ඩිගල්ට කියන්නේ ඉවසන්න ඒක එයාගේ වැරැද්දක් නෙවෙයි කියලා. හැබැයි මේ සිදුවිමෙන් පස්සේ රුවේ වෙස්මුණු දාගෙන ඉන්න අය තර්ජනයක් ඒ නිසා ඒ හැම කෙනාම අල්ලාගන්න කියලා වරෙන්තුවක් නිකුත් කරනවා. ඒ වෙනුවෙන් වෙනම කණ්ඩායමකුත් හදනවා.
ඔය වෙලාවේ බොරු බ්ලැක් කැනේරි එහෙමත් නැත්නම් එවලන් ශාප් රුවේ ඇඩම්ස් ඉන්න උත්සවයකට පහර දෙන්න හදනවා කියලා දැනගන්න ලැබෙනවා. හැබැයි එවලන් පහර දුන්නෝතින් ලෝරල්ගේ නැත්නම් බ්ලැක් කැනේරිගේ නම්බුවට කැලලක් වෙන නිසා ඇරෝ ටිම් එක එයාව නවත්වන්න හදනවා. හැබැයි එවලින් රුවේ ලගට ගිහින් එයාට වෙඩි තියලා මරලා දාන්න හදනවා. ඔලිවර් එයාට ඇත්ත බ්ලැක් කැනේරි කොයි වගේ කෙනෙක්ද කියලා කියලා දිලා ඒ වැඩේ නවත්වනවා. ඒ වෙලාවේ මේ දෙන්නව පොලිසියෙන් අල්ලාගන්න හදනවා. හැබැයි දෙන්නම කොහොම හරි එතනින් පැනලා යනවා.
හැබැයි මේ සිද්ධියෙන් පස්සේ බ්ලැක් කැනේරි කියන්නේ තුවක්කුවක් අතේ තියාගත්ත අපරාධකාරියක් කියන අදහස මිනිස්සුන්ට යයි කියලා ඇරෝ ටිම් එක දුක් වෙනවා. හැබැයි ඔලිවර් ඒක එහෙම නොවෙන්න දෙයක් කරනවා. එයා ලෝරල්ගේ භුමිදානය දවසේ ලෝරල් ගැන කතාවක් කරනවා. එයා හැමෝටම දැනගන්න කියනවා ලෝරල් තමයි බ්ලැක් කැනේරි. එයා එහෙම බ්ලැක් කැනේරි වුනේ අපරාධ වලට විරුද්ධ වෙන්නයි. නගරය හොදින් තියාගන්නයි කියලා. හැබැයි දැන් ඉන්න බ්ලැක් කැනේරි එයා නෙවෙයි ඒ වෙන කෙනෙක් කියලත් එයා කියනවා. කොහොම හරි මේ අවමගුලෙන් පස්සේ ඔලිවර්ට හැමෝම කියන්නේ කොහොම හරි මේ නපුරා ඩේමියන් ඩාර්ක්ව ඉවරයක් කරලා දාන්න කියලයි. ඒ වගේම ඔලිවරුත් ඒක කොහොම හරි කරනවා කියලා හිතාගන්නවා… . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
7564 downloads
<< Previous Episodes All Episodes Next Episode >>