Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Before I Disappear (2014) with Sinhala Subtitles |නික්ම යාමට මත්තෙන් [සිංහල උපසිරසි සමඟ]

$
0
0
Before I Disappear (2014)

4 වෙනි උපසිරැසියත් අරන් ආවා ඔන්න, ආයෙත් වතාවක් අමුතුම සිනමාපටයක් ඕගොල්ලන්ට අරන් එන්න වාසනාව ලැබුනා. මේක 2014 අවුරුද්දෙ නිකුත් වුන චිත්‍රපටයක්. ටිකක් පරන වුනත් මේක නියම එකක්, කවුරුත් දකින්න නැතුව ඇති මං හිතන්නෙ, නැත්තන් මෙලහකටත් අපෙ අයියලා මේකට සබ් දීලා, ලේසි කට්ටිය නෙවෙයිනෙ අපිට ඉන්නෙ, මගෑරුන එකක් හොයාගන්නත් අමාරුයි දැන්. එහෙ බැලුවත් සබ්..මෙහෙ බැලුවත් සබ්.

ඇක්ශන් නෑ! රහස් පරීක්ශකලා නෑ! සුපිරි වීරයෝ නෑ…..මේකෙ ඉන්නෙ ලස්සන පොඩි ගෑනු ලමයෙක්, පොඩි කිව්වට ටීනේජර් කෙනෙක්. ඒ වගේම අපේ අසාහය කතා නායකයා නිදි පෙති  20ක් විතර ගහල තමයි කතාවට එන්ටර් වෙන්නෙ. මුළු කතාව පුරාම කම්මැලි නැතුව බලන්න පුළුවන්! මෙකේ විශේෂත්වය වෙන්නේ කතාව ලියල තියෙන්නෙත්, අධ්‍යක්ශනය කරල තියෙන්නෙත්, රගපාන්නෙත් එකම පුද්ගලයෙක් විසින්!!!!

Shawn Christensen විසින් තමයි මෙහි ප්‍රධාන චරිතය රගදක්වන්නේ, මේ චිත්‍රපටය IMDB 7.2ක අගයක් සටහන් කරගෙන තියෙනවා. අනෙක් ප්‍රධාන චරිතය Fatima Ptacek විසින් රගදක්වන කුඩා තරුණියකගේ චරිතයක්. ඇමරිකාවේ නිව්යෝක් නගරය ආශ්‍රිතව මේකෙ රූගත කිරීම් කරල තියෙන්නේ. කතාව ගැන කියනවනම් මේකෙ ප්‍රධාන චරිතය ‘රිචී’, තමන්ගෙ ජීවිතේ දැන් ඇතියි කියල හිතලා එපාම වෙලා දිවි නහගන්න කියල හිතලා නිදි පෙති 20ක් විතර පානය කරනවා! ඒත් මෙයාගෙ සහෝදරිය හදිසි කරදරයක වැටිල ඉන්න අතරේ තමන්ගෙ දුවව බලාගන්න කියලා රිචීට බාරදෙනවා, මැරෙන්නයි ලමයි බලාගන්නයි දෙකක් බෑනේ නේද! ඒක තමා අපිත් කියන්නෙ! ඒක තමා එයත් කියන්නෙ…කොහොමින් කොහොමහරි මැරෙන්න වෙන්නෙත් නෑ…මැරෙන්නවත් නිදහසක් නෑ! කතාව බාගෙනම බලමුකෝ කොච්චර ලස්සන කතාවක්ද කියලා! පොඩ්ඩක්වත් බෝරින් නෑ හරිය!

එහෙනං ජයවේවා හැමෝටම! 

 

The Driftless Area (2015) on IMDb

 

 

Web-DL පිටපතට ගැළපේ

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාධව චතුරංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>