මේ සුදානම වෙනස්ම විදිහක චිත්‍රපටියක් ඔබ වෙත අරගෙන එන්න. මේක චිත්‍රපටයක් කිව්වට පරිගණක ක්‍රීඩාවක හැඟීම තමයි කතාව පුරාවට තියෙන්නේ. ඒකට හේතුව වෙන්නේ මේක First-person perspective එකෙන් තමයි රූපගත කරලා තියෙන්නේ. කෙටියෙන් කියනවා නම් අපිට කතාව ඇතුලේ කතා නායකයා පෙන්නේ නැහැ නමුත් ඔහුගේ ඇස් දෙකෙන් තමයි අපි ලෝකය දකින්නේ. හරියට අර ටිකක් ප්‍රසිද්ධ Call of Duty, Battlefield වගේ පරිගණක ක්‍රීඩා වගේ. මේකේ වෙනස තියෙන්නේ පරිගණක ක්‍රීඩාවක නම් ඝාතකයා වෙන්නේ අපි නමුත් මේකේ ඔක්කොම වෙනවා අපිට බලා ඉන්නේ තියෙන්නේ හැබැයි සහතිකයි ඔහුට වෙඩි තියනකොට ඔබත් පුටුවෙන් එහෙට මෙහෙට වේවි…!

මේකේ කැමරා කරණය කලින් කිව්වා වගේම විශේෂයි නෙව. මේ වැඩේට යොදාගෙන තියෙන්නේ GoPro කැමරා, මේ කැමරා කතා නායකයාගේ ඔළුවට සම්බන්ධ කරලා තියෙන්නේ විශේෂයෙන් මේ වෙනුවෙන්ම නිර්මාණය කල වෙස් මුහුණක් ආදාරයෙන්. එතනින් මේ තාක්ෂණය නතර වෙන්නේ නැහැ ස්ථායිකරණ පද්ධතිය නිර්මාණය වෙනුවෙන් කාන්දම් යොදාගෙන තියෙන්නේ. ඒ කිව්වේ ප්‍රධාන චරිතයහෙලවෙන හැම හෙලවිමක්ම අපිට පෙනෙනවා නමුත් මේක මනුස්සයෙක්ට පෙනෙන දෙයක් වගේම තවත් කෙනෙක් දැකිය යුතු නිසාවෙන් තරමක පැහැදිලි බවක් ගෙන්න රුපයේ චලන පාලනය කරන්න සිද්ධි වෙනවා එතන දී තමයි කාන්දම් වැඩ පටන් ගන්නේ.

මේක 2015 හැටියට නම් වෙන්න හේතුව මිලියන දෙකක් වගේ සුළු වියදමක් දරලා නිර්මාණය කල ස්වාධින චිත්‍රපටයක් වීම නිසාවෙන් මේක මුල්ම ප්‍රදර්ශනය කරන්නේ 2015 ටොරන්ටෝ සිනමා උළෙලේ දී. එතැනදී බොහොම පැසසුම් ලැබුනත් එකක්ම ලොකු චිත්‍රපට බෙදා හැරීමේ සමාගන් ලොකු පොරයක් ආරම්භ කරනවා මේක තමන්ගේ ආයතය සතු කරගන්නට… කොහොම නමුත් අවසානයේ STX Entertainment ආයතනය තමයි මිලියන 10 හා යුද්ධෙකට පස්සේ ඒ සටන ජය ගන්නේ. ඔවුන් ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා 2016 අප්‍රේල් 8 වැනිදා. මේ වෙනකොට ලබාගෙන ඇති IMDB අගය 7.0. Action, Adventure, Sci-Fi, Thriller කියන කාණ්ඩ තමයි මේක නියෝජනය කරන්නේ. දාවන කාලය පැය 1 මිනිත්තු 36 ක්.
හොඳයි කතාව පැත්තට එන්නම්, එකපාර පුද්ගලයෙක් සිහිය ලබනවා, ඔහුට කිසිම දෙයක් මතක නැහැ… ඔහු ලග ඉන්නේ ලස්සන කාන්තාවක් ඇය ඔහුට ඇය කවුද, ඇයි ඔහු මෙතන ඉන්නේ, වගේ දේවල් ගොඩක් දැනගන්න ඉඩ සලස්වනවා. නමුත් ඇය ඔහුව අනික් කාමරය වෙත ගෙනයන මොහොතේ තමයි ඔක්කොම වැඩ අනික් පැත්තේ හැරෙන්නේ… ඔහුව ගෙනයන්නේ කතා කිරීමේ හැකියාව ලබාදෙන්න, නමුත් සතුරෝ පිරිසක් මෙතනට කඩා වැදිලා කට්ටිය මරා දමනවා, හෙන්රි පැන යනවා අර ලස්සන කාන්තාව එකක්.. නමුත් කට්ටිය ඔහුගේ පසු පස එන එක නම් නතර වෙන්නේ නැහැ… ඉතින් ඇයි මෙහෙම එන්නේ… මේ වෙනුවෙන් හෙන්රි මොකද්ද කල යුත්තේ ? කියන ඔක්කොම ඔහුගේ ඇස් දෙනෙක්ම අගේට බලාගන්න හැකි වේවි.
බොහොම අමුතු අත්දැකීමක් නිසාවෙන් අනිවාර්යයෙන්ම මේක නරඹන්න කියලා ආරාදනා කරනවා. හැබැයි මේක 18+ ඉතින් පොඩි කස්ටිය එහෙම බලනවා නෙමෙයි. බොහොම කාලෙකින් කල අසා ලිවීමක් මේක. ආ ඒ එකක්ම කියන්න ඕනේ විමා 0, සමීර 1 . නැවතත් උපසිරසක් එකක් හමුවෙමු. ඔබ සැමට ජය වේවා !
පා.ලි.
පහත පිටපතේ කොරියානු උපසිරැස අඩංගු වේ. මෙයට වැඩ ගුණාත්මක තත්වයෙන් වැඩි පිටපතක් නිකුත් වූ සැනින් ඒ සඳහා උපසිරැස යාවත්කාලින කරන්නම්.
මෙම ලබා දී ඇති උපසිරසි Hardcore.Henry.2016.720p.HC.HDRip.750MB.MkvCage පිටපත සඳහා වලංගු වේ.
733 downloads