1970 කාලයේදී දකුණු බොස්ටන් නගරයේ මැර කල්ලි කීපයක්ම ක්‍රියාත්මක වෙමින් පැවතුනා. එෆ්.බී.අයි නියෝජිත ජෝන් කොනෝලි අයර්ලන්ත ජාතික ජේම්ස් වයිටි බල්ගර් නමැති අපරාධකරුවාව කැමති කරවා ගන්නවා එෆ්.බී.අයි එක සමඟ සහයෝගයෙන් වැඩ කරන්න, දෙගොල්ලන්ගේම පොදු හතුරා වන ඉතාලි අපරාධ කරුවන්ව (ඉතාලි මාෆියාව) තුරන් කරල දාන්න. ඒ දවස් වල “වයිටි” එතරම් ලොකු මැරයෙක් නෙවෙයි. නමුත් මේ කොනෝලි සහ වයිටි අතර ඇති කරගත් ගිවිසුම තුලින් ඉතාලි මාෆියා කල්ලිය තුරන් කර දමන නමුත් ඒ හරහා ජේම්ස් වයිටි බල්ගර් නමැති මැර වරයාට නීතිය මගහැර යාමට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ඔහු, ඔහුගේ කල්ලිය බොස්ටන් ඉතිහාසයේ ශක්තිමත්ම, බලසම්පන්නම සහ අනුකම්පා විරහිත මැර කල්ලි වලින් එකක් බවට පත් වෙන ආකාරය ඔයාලට මේ සිනමා පටය හරහා බලන්න පුලුවන්.
“ජේම්ස් වයිටි” ලෙස සුපිරි නළු Johnny Depp ගේද ජෝන් කොනෝලි ලෙස සම්මාන ලාභී නළු Joel Edgerton ගේද රංගනයන්ගෙන් වර්ණවත් වන මේ සලරුව සම්මාන ලාභී අධ්‍යක්ෂක Scott Cooper විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමා පටයක්. 2015 සැප්තැම්බර් 18 වන දින ඇමරිකාවේදී නිකුත් කෙරුණු පැය 2යි මිනිත්තු 3ක් පුරා දිවෙන මෙම සිනමාපටය මේ වන විටත් සිනමා සම්මාන උළෙල 12ක දී සම්මාන 11කට නිර්දේශ වීමට වගේම සම්මාන 5ක් දිනා ගැනීමටත් සමත් වී තිබෙනවා. තවද මෙම සිනමාපටය මේ වන විට IMDb දර්ශකයේ 7.1/10 ක අගයක් වගේම Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 75%ක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා.
ඉතිං හැමදාම වගේ මට මේ සිනමාපටය භාර දුන්න සමීර චතුරංග සහෝදරයාට ස්තූතිවන්ත වෙන ගමන් හැමෝටම කතාව බලන්න කියල ආරාධනා කරනව.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්
1322 downloads