Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Jason Bourne (2016) with Sinhala Subtitles |ඔහු නැවතත් (350) [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Jason Bourne (2016) - New350

අවුරුදු 7 පැරණි මගෙයි බයිස්කෝප් අඩවියෙයි සෙනේහේ තවත් එක සංධිස්ථානයක් පහු කරන්නයි මේ හදන්නේ. කවුරු කොහොම පෙන්නගෙන උන්නත් බයිස්කෝප් අඩවියේ නියම අයිති කාරයා වෙච්ච ඉසිර ගුණතිලකගෙන් පස්සෙ මේ අඩවියට ඉන්න පරණම සාමාජිකයා තමා මම. මේ වෙද්දි මේකෙන් හම්බකරන් කන (සබ් DVD කරල විකුණන හා තවත් බොහෝ ක්‍රම වලින්) බොහෝ දෙනෙක් උන්නට කිසිම අද වෙනකම් එක ශතයක් තරම්වත් මම මේ අඩවියෙන් හම්බකරලනම් නෑ අතිනුත් ගෙව්වා මිසක්. හරි ඒවලින් වැඩක් නෑ. මේ තමා මගේ 350 වෙනි සිංහල උපසිරැසිය. එන්න එන්නම දැන් නම් උපසිරැසි දාන්න තියෙන කාලය සීමා වෙලා අවසානයි. මම උපසිරැසි කඩයිම් පහුකරපු කාල සීමා දකිනකොටත් ඒක නම් සෑහෙන්න පැහැදිලි ඇති නේ. දැන් නම් ඉතින් උපසිරසියක් කරන්න කාලය ඇත්තෙම නැති තරම්.

හැමදාම වගේ මගේ උපසිරැසිකරණයේ දින වකවානු පොඩ්ඩක් මතක් කරන්නම්.

01 – 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසිය.
50 – 2012 අගෝස්තු 18.
100 – 2013 ජනවාරි 21.
150 – 2013 සැප්තැම්බර් 02.
200 – 2014 ජනවාරි 20.
250 – 2014 අගෝස්තු 18.
300 – 2015 ජනවාරී 21.

මේ අපි දාන උපසිරසියකින් කවුරුන් ආර්ථික ලාභ ලැබුවත් මම ලබන එකම ලාභය නම් ඔබ ඉතිරි කර යන කමෙන්ට් එක පමණයි. ඉතින් මම අවසාන වශයෙන් ඉල්ලන එකම දෙය නම් නිකන්ම නිකන් බාගත කරගෙන යන්නෙ නැතුව විනාඩියක් නැවතිලා අදහසක් දක්වලා යන්න කියන එකයි. මොකද හරිහමන් විදියට උපසිරසියක් දාන්න නම් ඒ වෙනුවෙන් සෑහෙන වෙලාවක් ඕනම කෙනෙක් වැයකළ යුතු වෙනවා. ඒ මහන්සිය දන්න නිසාම තමා මම අලුත් පරණ කාට වුණත් එක වචනයකින් හරි ස්තූතියි කියලා කමෙන්ට් එකක් දාන්න මැලි නොවෙන්නේ.

Royili-350-Wish

ඔන්න එහෙනම් මේ සුදානම ඇති සාර්ථක බෝන් කතා මාලාවේ සිව්වැනි පිම්ම පනින්නට…කවුද නොදන්නෙ ජේසන් බෝන් ගැන. බෝන් චිත්‍රපට නොබලපු කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් හොඳම දේ ගිහින් ඒවලින් විශේෂයෙන් මුල් තුනම බලලා ඒවා කොච්චර සුපිරිද කියලා බලල මේක බලන එක තමා. ඒවා තමා The Bourne Identity (2002), The Bourne Supremacy (2004), The Bourne Ultimatum (2007) කියන ඒවා තුන. පුංචි පෑන් තුඩකින් වුණත් තමුන්ගේ සතුරන් මෙල්ල කරන්නට හැකි අතීතය අමතක අපේ වීරයා එකක් අපි ලෝකේ වටේ ගියා, රහස් ඔත්තු සේවා සංවිධාන හෙල්ලුවා. නමුත් අවසාන වුණේ මාර්ක් වෙබ්ගෙන්…. ඉන් පස්සේ ඔන්න 2012 බෝන් මෙහෙයුමේ තවත් කොටසක් අපි වෙත ආවා. ඒ The Bourne Legacy (2012) කියන එක. හැබැයි ඒක කෙළින්ම පළවෙනි ත්‍රිත්වයට ඈදූනේ නෑ. අනික උන්නෙත් මැට් ඩේමන් නෙවෙයි. මුල් සෙට් එකනේ ඇක්ෂන් කියන්නේ. බලපු අයනම් දන්නවා ඇති මිනි කූපර් එක පඩිපෙළ දිගේ ගෙනිච්ච හැටි. අනික ඒ එකක්වත් පරිගණක සජීවීකරණ නෙවෙයි. සජීවී ක්‍රියාදාම. ඒ වගේම දෙවන සහ තෙවන සිනමාපට මෙන් මෙම සිනමාපටයද අධ්‍යක්ෂණය වන්නෙ Paul Greengrass නම් වූ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයා අතිනුයි. පෝල් ග්‍රීන්ග්‍රාස් එකක් මැට් ඩේමන් ඇවිත් තියනවා නව බෝන් සිනමා නිර්මාණය අරගෙන. මේ වතාවේ ඔවුන් හා එක්කාසු වෙනවා ගිය වසරේ බොහොම කතා බහට ලක්වුණා ඔස්කා සම්මාන ලාභී නැගී එන නිළිය ඇලිසියා විකෙන්ද්‍රා.

ජේසන් බෝන් කියන්නෙ CIA ඝාතකයෙක්. හැබැයි මතකය අහිමි වීමකට භාජනය වීම නිසා ඔහුට තමාගේ අනන්‍යතාව හොයන්න පෙළඹෙනවා. ඒ සෙවූම් නිසා ඇමරිකාවට ස්නෝව්ඩන් කළා වගේ අපකීර්තියක් හිමිවෙනවා. මේ වතාවේ මෙහෙයුම වෙන්නේ මෙහෙමයි, අද ලෝකයේ ඔක්කොම පරිගණක ගත වෙලා තියන එකේ රහස් දත්ත සොයාගෙන යන කෙනෙක් සමත් වෙනවා CIA විශේෂ මෙහෙයුම් හා සම්බන්ධ ලිපිගොනු වගයක් සොරා ගන්නට… මේ පුද්ගලයාගේ අරමුණ වෙන්නේ මේවා මහජනයාට දැනගන්න ඉඩ තියන එක… හරියට විකිලික්ස් වගේ සීන් එකක්… නමුත් මේ කෙනා ළග තමයි නිකී (ජුලියා ස්ටයිල්ස්) වැඩ කරන්නේ ඉතින් එයා මේ වැඩේට පැටලෙනවා. ඒ එකක්ම මේ ගැන දැනගන්න CIA කෙනෙක් ලොකු පුටු දැනුවත් කරනවා… දැන් ආයේ මහා දඩයමක්….මේ දඩයමට බෝන් කොහොම සම්බන්ධ වේවි ද? මොනවාද මේ දත්ත ? මේවායේ ඇත්තටම තියන අවදානම මොකද්ද ? අවසානය කොහොම වේවි ද? මේ ඔක්කොම දැනගන්න නම් ඔන්න මේ විශිෂ්ට සිනමා නිර්මාණය බලන්නම වෙනවා…

මේ වෙද්දිම IMDB ශ්‍රේණීගත කිරීම් වල 7/10 ලබාගෙන තියෙනවා. තව එක වචනයක් වත් කියන්නෙ නම් නෑ. හැමෝම බාගෙන බලන්න.

කමෙන්ට් දැම්මට මම තරහ වෙන්නෙ නම් නෑ.

 Jason Bourne (2016) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

Jason.Bourne.2016.HC.HDRip.XViD.AC3-ETRG

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>